සයිනොෆාම් එන්නත් මාත‍්‍රා මිලියන 2ක් ඊයේ දිවයිනට

339

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත‍්‍රා තවත් මිලියන 2ක් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් ඊයේ (11දා* අලූයම කටුනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

චීනයේ බෙයිජිං නුවරින් ඊයේ අලූයම 12.15ට එන්නත් මාත‍්‍රා මිලියනයක් රැුගෙන පිටත් වූ, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 869 දරන ගුවන් යානය අලූයම 05.10ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 865 දරන දෙවන ගුවන් යානය අනෙක් එන්නත් මාත‍්‍රා මිලියනය රැුගෙන, ඊයේ අලූයම 01.45ට පිටත් වී ඇති අතර, එම ගුවන් යානය අලූයම 06.40ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. තවත් එන්නත් මාත‍්‍රා මිලියන 2ක් මේ මාසය තුළ ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment