සයිනොෆාම් එන්නත නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශී‍්‍ර ලංකාවේ පිහිටුවන්නැයි කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර

425

කොවිඞ්-19 පාලන සයිනොෆාම් එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවන ලෙස චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සයිනොෆාම් හි කළමනාකරණයෙන් කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇත.

ඉකුත් 23 වැනිදා සීමාසහිත සයිනොෆාම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයෙන් ලද ආරාධනයකට අනුව එහි ගිය ආචාර්ය පාලිත කොහොන මහතා සහ තානාපති කාර්යාල නිලධාරින් සයිනොෆාම් මූලස්ථානයේ උප සභාපති ෂි ෂෙංයි” ජීව විද්‍යාත්මක නිෂ්පාදන අංශයේ සභාපති ෂු ජිංජින් සහ ජාත්‍යන්තර අංශයේ උප සභාපති යාන් බිං යන මහත්වරුන් හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කළේය.

වාණිජමය වශයෙන් ශ‍්‍රී ලංකාවට එන්නත් මාත‍්‍රාවන් මිලියන 23 ක් ලබා දීම පිළිබඳව තානාපතිවරයා සයිනොෆාම් ආයතනයට මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment