සයිබීරියාවේ පතල් ගින්නකින් 52ක් මරුට

124

දශකයක පමණ කාලයකින් රුසියාවේ හට ගෙන ඇති දරුණුතම පතල් අනතුරෙන් පතල්කරුවන් 46 දෙනකු හා ඔවුන් මුදා ගැනීමට පැමිණි නිලධාරීන් 06 දෙනකු ඇතුළු 52 දෙනකු මිය ගොස් 49 දෙනකු තුවාල ලබා තිබේ. සයිබීරියාවේ පතලක පෙරේදා (25දා) හටගෙන ඇති ගින්නකින් මෙම පිරිස මියගොස් ඇති අතර ගල්අඟුරු දූවිලි සහිත උපාංගයකට ගිනි ඇවිලීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

පතල තුළ ගින්න හටගත් පසු කොටු වී සිටි පතල් සේවකයන් මුදා ගැනීම සඳහා පතල තුළට ගිය නිලධාරීන් කිහිප දෙනකුටද ඉදිරියට යෑමට නොහැකිව කොටු වී සිටීමට සිදුව තිබේ. ‘ළිස්ට්වියසනායා’ නමැති මෙම පතල තුළ අනතුර සිදු වන අවස්ථාවේදී පතල් සේවකයන් 285 දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් බොහොමයක් දෙනා අනතුරින් බේරී පතලෙන් ඉවතට පැමිණ තිබේ. පතල් අනතුරින් තුවාල ලැබ රෝහල්ගත කළ අයගෙන් ඇතැමෙකු දුමාරය ආශ්වාස කිරීම හේතුවෙන් රෝගාතුර වී ඇති අතර ඉන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පතල් අධ්‍යක්ෂවරයා ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පතල් අනතුරින් මිනිස් ජීවිත අහිමි වීම පිළිබඳව අදහස් පළ කර ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ මෙම පතල් අනතුර බරපතළ අනතුරක් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment