සරණට නඩු පැවරූ අල්ලස් කොමිසම උසාවියේ නෑ

111

සභාපතිට සහ අධ්‍යක්‍ෂට ලිඛිතව දන්වන්න නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් මෙහෙයවීම සඳහා එම නඩුව පැවරූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙනුවෙන් නීතිඥවරයකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම කොමිසන් සභාවේ සභාපතිවරිය හා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මහාධිකරණ ප්‍රධාන ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

විත්තිකරු, පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් කැඳවා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඊයේ (17) පැවැත්වීමට නියමිතව තිබියදීත් පැමිණිල්ල මෙහෙයවීමට නීතිඥවරයකු පෙනී නොසිටීම ඉතා අසතුටුදායක තත්ත්වයක් බව පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝගය කළේය.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දින නියම කර ඇතත් අධිචෝදනා පත්‍රය හැර පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන ලෙස නම් කර ඇති ලේඛන 18න් කිසිවක් මේ දක්වා විත්තියට ලබාදී නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය. ඒ අනුව එම නඩුව ලබන ජූලි 20 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට අවවාද කළේය. සරණ ගුණවර්ධන මහතා ජාතික සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එම මණ්ඩලයට කුලී පදනම මත ලබාගැනීමේදී වෙනත් පාර්ශ්වයකට අයුතු ලාභයක් ලබාගැනීමට ඉඩකඩ සැලසෙන පරිදි කටයුතු කිරීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන වැරැදි සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment