සරණාගතභාවය ගන්න ශ්‍රී ලංකාවේ 4 දෙනකු බෝට්ටුවකින් ඉන්දියාවට ගිහිල්ලා

82

වවුනියාවේ සහ කිළිනොච්චියේ පුද්ගලයන් හතර දෙනකු බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවේ රාමේස්වරන් ප්‍රදේශයට ගොස් එහි සරණාගතභාවය ඉල්ලා තිබේ.

රාමේස්වරන් වෙරළාරක්ෂක නිලධාරීන් සහ පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඉන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ පිරිස මන්නාරමේදී බෝට්ටුවකට මුදල් ගෙවා ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ඉන්දියාවට පලා ගිය පිරිස අතර පිරිමි දෙදෙනෙක්” කාන්තාවක් සහ පිරිමි ළමයකු සිටින අතර මේ වන විට උතුරු ප්‍රදේශය අතහැර සරණාගතභාවය අපේක්ෂාවෙන් පුද්ගලයන් 126 දෙනකු ඉන්දියාවට බෝට්ටු මඟින් පලා ගොස් ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment