සරණ සොයා අමල් යන පාගමන

351

අරාබි භාෂාවෙන් ‘‘අමල්’’ යනුවෙන් හඳුන්වන්නේ බලාපොරොත්තුවයි. බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා, ලොව පුරා පවතින කොවිඞ් වසංගත තත්ත්වයට පවා මුහුණ දෙමින් දේශනාත්ර තරණය කරමින් ගමන්ගන්නා පාගමනක් මේ දිනවල යුරෝපයේදී දක්නට ලැබේ. මෙහි කතා නායකයා වනුයේ ‘‘අමල්’’ නමැති වයස අවුරුදු 9 ක් වූ සරණා ගත සිරියානු දැරියෙකි.

 ‘‘කැලේස්’’ යනු ප‍්‍රංශයේ උතුරු කොටසේ පිහිටා ඇති වරාය නගරයකි. මේ කැලේස් නගරය ආසන්නයේ කැලේස් යන නමින් යුත් සරණාගත කඳවුරක් පිහිටා තිබූ අතර එය මෙතෙක් ලොව පිහිටි විශාලම සරණාගත කඳවුර වන අතර එහි 10,000 කට ආසන්න සරණාගතයන් කූඩාරම්වල වසර ගණනාවක් බොහෝ දුෂ්කරතා මැද ජීවත් වූයේ සරණ පතා එක්සත් රාජධානියට (එංගලන්තයට) හෝ වෙනත් යුරෝපීය රටකට යන බලාපොරොත්තුවෙනි. මේ කතාන්දරය පටන් ගන්නේ කැලේස් කඳවුරෙනි. ඒ 2015 දීය.

 විශාල කූඩාරම් නගර පිළිබඳ ප‍්‍රවෘත්ති පැතිරයත්ම ස්වේච්ඡුා සේවකයන් කැලේස් වෙත රොක් වූයේ මේ සරණාගතයන්ට කෙසේ උපකාර කළ හැකි දැයි සොයා බැලීමටය. කඳවුර බැලීමට ගිය කිහිප දෙනෙකුට එය සංවේදී දිනයක් විය. ‘‘මම එහි ගිය දිනය මගේ ජීවිතය වෙනස් කළා. මට පුළුවන් වේලාවක තීරණය කළා මට කරන්න පුළුවන් උදව්වක් කරන්න ඕනය කියලා’’ යි චිත‍්‍රපට නිෂ්පාදක ටේ‍්‍රසි සීවර්ඞ් පැවසීය. එම සරණාගත කඳවුරට ගිය සියලූම කලාකරුවන් මුහුණදුන් ප‍්‍රශ්නය නම් ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වී මුදල් දීම හැර, තමගේ විශේෂ ශක්තියෙන් සරණාගතයන්ට ප‍්‍රයෝජනවත් විය හැකි කුමක් කළ හැකි ද යන්නය. ‘‘අමල්’’ එහි ප‍්‍රතිඵලයකි. අධ්‍යක්‍ෂ ස්ටීවන් ඩෝල්ඩි‍්‍ර, චිත‍්‍රපට නිෂ්පාදක ටේ‍්‍රසි සීවර්ඞ්, ඬේවිඞ් ලෑන් සහ ගුඞ්චෑන්ස් සමාගම මෙහි ප‍්‍රධාන මොළකරුවන් සහ නිෂ්පාදකයන්ය.

සරණ සොයා අමල් යන පාගමන
වතිකානුවේදී පාප්තුමා අමල්ට ආශිර්වාද කරමින්

 යුද්ධය නිසා අවතැන් වූ ඇලෙප්පෝ නගරයේ සිටි සිරියානු සරණාගතයකු වූ ‘‘අමල්’’ නම් කුඩා දැරියගේ වයස අවුරුදු 9 ක් විය. ආහාර සෙවීමට ගොස් ආපසු නොපැමිණි ඇගේ මවම ඇය සෙව්වේය. මේ කුඩා දැරියගේ චරිතය රූඩකයක් ලෙස නිර්මාණය වී දැන් කි. මී. 8000 ක (සැතපුම් 5000ක) සංචාරයකට යොමු වී ඇත. මේ ගමන නියෝජනය කරන්නේ මිලියන ගණනක තරුණ සරණාගතයන් සහ තම නිවෙස් හැරයෑමට සිදු වී අන්ත අසරණ භාවයට පත් වී ඇති කුඩා දරුවන්ය.

 සරණාගතයන් ගැන ලෝකයේ අවධානය යොමු කරවීම සඳහා දකුණු අප‍්‍රිකාවේ ‘‘හෑන්ඞ්ස්ප‍්‍රිං’’ රූකඩ සමාගම මෆින් ‘අමල්’ නමින් මෙම රූකඩය නිපදවා ඇති අතර එය තුර්කියේ සිට ග‍්‍රීසිය, ඉතාලිය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, බෙල්ජියම හරහා ගමන් කර අවසානයේදී එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් හිදී තම පා ගමන 2021 නොවැම්බර් 3 වැනිදා අවසන් කරයි.

 දකුණු අප‍්‍රිකාවේ හෑන්ඞ්ස්ප‍්‍රිං රූකඩ සමාගමේ  (Handspring puppet company) බැසිල් ජෝන්ස් සහ ඒඩි‍්‍රයන් කොලර් විසින් මෙය නිර්මාණය කරන ලදී. අමල් රූකඩයේ කලා අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරන්නේ අමීර් නිසාර් සුආබීය. අඩි 11 ක් (මීටර් 3.5) උසැති මෙම රූඩකය සාදා ඇත්තේ ශක්තිමත් සැහැල්ලූ ද්‍රව්‍යවලින් සහ හැඩැති කාබන් ෆයිබර් වලිනි. විවිධ කාලගුණ තත්ත්වයන්ට එනම්, වර්ෂාව, සැර අව්රශ්මිය, සුළං, ¥විලි, දැඩි සීතල ආදියට ඔරොත්තු දෙන ආකාරයෙන් එය සාදා ඇත්තේ. එසේ වූවත් හදිසි ප‍්‍රයෝජනයට ගැනීමට මෙවැනිම ආකෘති තුනක් ඔවුන් සතුව ඇත. ‘අමල් රූකඩය’ ගමන් කරවීමට වරකට සතර දෙනෙකුගේ සහාය අවශ්‍යය. ඇගේ ශරීරය තුළ ගමන් කරන්නා සිටිනු ඇත. එක් අතකට එක්කෙනෙකු බැගින් සිට අත් සෙළවීම කරයි. පිටුපසින් ඇගේ ආරක්‍ෂාවට තවත් කෙනෙක් ගමන් කරයි. සංකීර්ණ නූල් සහ ස්පීන් පද්ධතියක් මගින් අමල්ගේ මුහුණේ ඉරියව් පාලනය කරයි. පරිගණක තාක්‍ෂණය මගින් ඇස් චලනය වීම සිදු වේ. ඇගේ ඇස් හැරවීම, පහත් කිරීම, ඇස්පිල්ලම් ගැසීම ඉන් සිදු වේ. ඇය ඇගේ මුහුණින් කම්පනය, ලැජ්ජාව, භීතිය, දුක, සතුට, කුතුහලය ප‍්‍රකාශ කරයි. මෙම අමල් රූඩකය නිර්මාණය කිරීමට හෑන්ඞ්ස්ප‍්‍රිං සමාගමට වසර දෙකක් ගත විය.

 ‘‘පාගමන  The Walk” ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතියේ උද්දෘත පාඨය වනුයේ ‘‘අප ගැන අමතක නොකරන්න Dont Forget About Us”. යන්නයි. ‘‘සරණාගතයන්ගේ දුෂ්කර අවස්ථාවලට වඩා සරණාගතයන්ගේ හැකියාවන් ඉස්මතු කිරීමත් අපගේ අරමුණක්’’ බව මෙම ව්‍යාපෘතියේ කලා අධ්‍යක්‍ෂ පලස්තීන ජාතික අමීර් නිසාර් සුඅබි පවසයි.

 මීට වසර 10 කට පමණ පෙරදී ආරම්භ වූ සිරියානු කුරිරු යුද්ධය නිසා පීඩාවට පත් වූ ජනතාවගෙන් හරි අඩක්ම කුඩා ළමයින්ය. ‘‘අමල්’’ ඔවුන්ව නියෝජනය කරයි.

 2021 ජූලි මස 27 වැනි දින තුර්කි සිරියානු දේශසීමාව අසළ පිහිටි ගාසියාන්ටෙප් නගරයෙන් අමල් තම දීර්ඝ චාරිකාව ආරම්භ කළේය. රූඩක ශිල්පීන් සමග අමල් හිරු බැස යෑම නරඹමින් සිය ගමනේ පළමු කොටස අවසන් කළ අතර සිරියාවේ සහ තුර්කියේ ගායකයන්ගේ සමුගැනීමේ සංගීත ප‍්‍රසංගයකින් එදින උත්සවය අවසන් විය. ඊළ`ගට අමල් ග‍්‍රීසියට ගියේය. අමල් සංචාරයකරණ සෑම නගර 70 කම සරණාගතයන්ට ආධාර කිරීම සඳහා සංගීත, නැටුම්, ර`ගහල් උත්සව පවත්වනු ලබයි. මුලදී ‘‘වෝක්’’ ව්‍යාපෘතියට ගමනේ වියදම් සඳහා පවුම් 30,000 කට වැඩි ප‍්‍රමාණයක් ලැබී ඇත. තව තවත් ආධාර ලැබුණු අතර තවත් ආධාර ලැබෙමින් පවතී. සරණාගතයන් සඳහා ආහාර, බෙහෙත්, ඇඳුම්, බ්ලැන්කට් ආදිය අවශ්‍ය බවත් ඔවුන්ට ගෞරවය පිණිස ලෝකය තුළින් හඬක් අවශ්‍ය බවත් මෙම ව්‍යාපෘතියේ සංවිධායකයන් පවසයි.

 අමල් ගමන්ගන්නා මේ මාර්ගය සරණාගතයන් සරණ සොයා ගමන්ගත් ප‍්‍රධාන මාර්ගයන්් වේ. මෙහිදී අමල් සරණාගතයන් ගිය ආකාරයට සාගරය හරහා බෝට්ටුවකින් යනු ඇත. සමහර මාර්ගවලදී ඇය කන්ටේනර් රථයක, ලොරියක, දුම්රියක නැගී යනු ඇත. එහෙත් ඇගේ ගමනේ වැඩිම කොටසක් යනුයේ පයින්ය. මේ වනවිට බොහෝ නගර සහ ගම්වලදී සිතුවාටත් වඩා විශාල ලෙස අමල් පිළිගැනීමට ජනතාව රැුස්ව සිටි අතර සංවිධානය කර තිබූ උත්සවවලට වඩා වැඩියෙන් උත්සව සංදර්ශන සංවිධානය කර තිබුණි.

 තුර්කියේ වෙරළබද නගරයක් වූ සෙස්මේ හිදිී ඇය හිස් සපත්තු මාර්ගය අනුගමනය කළේය. මේ වෙරළට සරණාගතයන් ලෙස සාගර තරණය කළ අසරණ සරණාගතයන්ගේ පාවහන් ගොඩගසා තිබුණේ ඔවුන් බෝට්ටු පෙරළී මුහුදේදී මියගිය නිසාය. ඇය එහිදී සිහිපත් කළේ මුහුදු තරණය කිරීමේදී ජීවිත අහිමි වූ අසරණ මිනිසුන්ය. ඇය ඉතාලි නගරයක් වූ බාරි හිදී ඉතාලි නෝනාගෙන් (ආච්චිගෙන්) පැස්ටා සෑදීමට ඉගෙන ගත්තාය.

 අමල් සැප්තැම්බර් 10 වැනිදා වතිකානයට පැමිණ අතර අපෝස්තලික මාලිගාවේ ශාන්ත දම්සෝ මළුවේදී ගෞරවණීය ෆ‍්‍රැන්සිස් පාප්තුමා හමුවිය. විශාල ජනකායක් අතරට පැමිණි පාප්පතුමා අමල්ගේ සුරතේ ඇ`ගිල්ලක් අල්වා අමල් නියෝජනය කරණ සරණාගතයන්ට දේව ආශිර්වාදය ලබා දුන්නේය. ග‍්‍රීසියේ ඇතෑන්ස් හිදී ඇයට ගමන් මාර්ගය වැරදේ යැයි බිය විය. එවිට ග‍්‍රීක තරුණ තරුණියෝ මාවත දිගේ ඇති පහන් කණුවල රතු නූල් ඇද ඇයගේ මාර්ගය පෙන්වා දුන්නේය. පැරිසියේ සරණාගත කඳවුරක් වන කැලේස් හිදී (මෙම කඳවුර 2016 දී ඉවත් කරන ලද අතර සුළු පිරිසක් මේ අවට රැුඳී සිටී) ඇය තම මව සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් කූඩාරම් ගවේශනය කළේය. මෙම ඔක්තෝම්බරයේදී බෙල්ජියමට පැමිණ ඇය බ‍්‍රසල්ස් නගරයේදී සංස්කෘතික සංදර්ශන කිහිපයකට සහභාගී වීමට නියමිතව තිබුණි.

 ඔක්තෝබර් 1 දා සිට 3 දා දක්වා ඇය ස්ටූට්ගාර්ට්, කොලොන් හා රෙක්ලිං හවුස්හි නැවතී සිටියේය. පාගමන පුරාම ප‍්‍රාදේශීය කලාකරුවන් විසින් සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමෙන් අමල්ව පිළිගන්නා ලදී. මේ ගමන පුරාම රට රටවල කුඩා දරු දැරියෝ මෙන්ම තරුණ පිරිස්ද ඇය වටා රොක්වී සිටියේය. කඩා දරුවන් ඇගේ ඇ`ගවටා වෙලී ඇගේ අත්වලින් ඇල්ලීමට විශාල කැමැත්තක් දැක්වූ අතර බොහෝ දෙනාට අමල් පෙනී ගියේ ජීවමාන දැරියක ලෙසය. ඔවුන් ඇයට බොහෝ ආදරය කළ අතර ඇය ඒවා පිළිගත්තේය. කොලෝන් නගරයේදී ‘‘ආර්ට් ඒසිල් සංගමය’’ විසින් යුද්ධය අත්විඳ ඇති වැඩිහිටියන් සහ අමල් අතර හමුවක් ද සංවිධානය කර තිබුණි. රෙක්ලිං හවුස් හිදී ප‍්‍රදේශයේ වැසියන් සහ රුර්ෆෙට්ස්පිල් විසින් පිළිගැනීමේ වීදියක් අමල් නමින් වෙන්කර තිබුණි.

 තුර්කියේ ගාසියාන්ටෙප් සිට එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් දක්වා ඉතා වෙහෙසකර මාර්ගයක් ඔස්සේ ගමන්ගන්නා අමල්ගේ මේ ගමනේදී ඔපෙරා හවුස්, ප‍්‍රසංග ශාලා, ආසන දෙව්මැදුරු, මුස්ලිම් දේවස්ථාන, පාලම්, තටාක, සුසාභූමි, ජාත්‍යන්තර සංවිධානවල මූලස්ථාන ආදී සෑම දෙයක්ම ඇය වටා එක් වී සිටි අතර මුහුදේදී මියගිය සියලූ සරණාගතයන් සැමරීම සඳහා ඇය ප‍්‍රංශ මාර්සෙයිල් වරායේදී සිය ගණන් නර්තන ශිල්පීන් සමග ජීවිතාරක්‍ෂක කබා පැළඳ සිටියේය. මේ අතර ඔක්තෝබර් මස 24 වැනිදා ඇය තම 10 වැනි උපන්දිනය ද සමරනු ඇත. නොවැම්බර් මාසයේදී ලන්ඩනයේදී ඇය V සහ A කෞතුකාගාරයේ පැවැත්වෙන සාදයේදී නගරය පුරා සිටින දරුවන් සම`ග ප‍්‍රීති උත්සවයක් පවත්වනු ඇත. ඇයගේ ගමන අවසාන වනුයේ එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් නගරයෙනි. එහිදී ඇගේ ජීවිතයේ ඊළ`ග පරිච්ෙඡ්දය ආරම්භ වනු ඇත. සරණාගතයන් පිළිගැනීම සඳහා මැන්චෙස්ටර් නගරය බොහෝ දේ කරන අතර ලන්ඩනයෙන් පිටත එක්සත් රාජධානියේ විසිරී සිටින සරණාගතයන් වැඩිම පිරිසක් මැන්චෙස්ටර් සතුව පවතී. ලන්ඩනයේ වික්ටෝරියානු හා ඇල්බට් කෞතුකාගාරවලත් අමල් සහ දරුවන් සමග උත්සව පැවැත්වීමට සූදානමක්ද පවතී. මැන්චෙස්ටර් හිදී අමල් සිය මව සම`ග සාර්ථකව එක්වනු ඇතැයි බලාපොරොත්තුවක්ද පවතී. ඇගේ මව සොයා ගැනීමෙන් නැවත පාසල් යෑමට, නව ජීවිතයක් ආරම්භ කිරීමට ලෝකය ඇයට ඉඩ දෙනු ඇත. මේ කලා කෘතියේ නිර්මාතෘ වරුන්ගේ පැතුම එයයි.

 කුඩා අමල් දැරිවිය සිය මව සොයා යන අතර නගර ගම් දනව්වල නැවතී ඇය ‘‘අප අමතක නොකරන්න’’ යන පණිවිඩය ප‍්‍රවර්ධනය කරනු ඇත. මේ එවැනි අසරණ දරුවන්ගේ සැබෑ කතාවයි.

 රුවන් තරස්වින්
 (ඡායාරූප අන්තර් ජාලයෙනි)

advertistmentadvertistment
advertistmentadvertistment