සරත් චන්‍ද්‍රසිරි දිවි රගමඩලයට සමුදෙයි

969

සිනමාව, වේදිකාව සහ පුංචි තිරයෙන් ස්වකීය රංගන ප‍්‍රතිභාව විදහා පෑ ප‍්‍රවීණ රංගන ශිල්පී අභාවප‍්‍රාප්ත සරත් චන්‍ද්‍රසිරි කලාකරුවාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (6 දා) සඳුදා ප. ව. 4.00 ට බණ්ඩාරගම වල්ගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

චන්‍ද්‍රසිරි මහතා රෝගාතුරව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 3 දා අභාවප‍්‍රාප්ත විය.

1964 වර්ෂයේ ජුනි මස 13 දා පානදුරදී උපත ලැබූ සරත් චන්‍ද්‍රසිරි මහතා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ වෑකඩ බෞද්ධාලෝක විiාලයෙනි. සරත් කුලාංග මහතාගේ මඟ පෙන්වීම යටතේ සරත් චන්‍ද්‍රසිරි සිය නාට්‍ය ජීවිතයට අත්පොත් තැබීය.

සරත් කුලාංග හරහා ජනක් පේ‍්‍රමලාල්, ජයලත් මනෝරත්න වැනි ප‍්‍රවීන කලාකරුවන් හඳුනාගත් සරත් ඔවුන් සමඟ රාජකපුරු, අන්දරේලා, තලමල පිපිලා, පුත‍්‍ර සමාගම වැනි වේදිකා නාට්‍ය රැුසකට රංගනයෙන් දායක විය.

තමාටම ආවේණික රංගන ශෛලියක් ඔස්සේ පේ‍්‍රක්‍ෂකයාගේ සිත් බැඳගත් හෙතෙම වේදිකාවට මෙන්ම පුංචි තිරයට ද නැතුව බැරි චරිතයක් විය.

පබා, අඩෝ, දම්සාරී, ¥ දරුවෝ, ජෝඩු ගෙදර, මහවිරු පණ්ඩු වැනි ටෙලි නාට්‍යවල රඟපෑ ඒ මහතා රාජ්‍ය සේවය පිණිසයි, සමනළ තටු, බහුභූතයෝ, ඩොක්ටර් නවරියන්, වස්සානයේ සඳ වැනි සිනමා නිර්මාණවල ද තම රංගන ප‍්‍රතිභාව මුසුකළේය.

විටෙක ප‍්‍රහසනාත්මක සිනමා නළුවකු ලෙසත්, තවත් වරෙක ප‍්‍රතිභාපූර්ණ වේදිකා නළුවකු ලෙසත් පුංචි තිරයේ චණ්ඩියා ලෙසත් ජනප‍්‍රියත්වයට පත් වූ චන්‍ද්‍රසිරි මහතා වසර 40 කට ආසන්න තම කලා දිවියේ අත්දැකීම් මත ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කිරීමේ කැමැත්තෙන් පසුවිය.

රෝහල්ගතවීමට දින කිහිපයකට පෙරාතුව ඔහු ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කර තිබූ බව සහෝදර කලාකරුවෝ පැවසූහ.

හදිසියේ රෝගාතුර වී කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටි සරත් චන්‍ද්‍රසිරි මහතා පසුගිය 03 වැනිදා අභාවප‍්‍රාප්ත වන විට 57 වැනි වියේ පසුවිය.

චාරිකා ජයමාලි මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ඒ මහතා දියණියකගේ සහ පුත‍්‍රයෙකුගේ ආදරණීය පියාණන් විය.

නිරෝෂා වාසල සහ දීපිකා කාරියවසම් – පානදුර
 

advertistmentadvertistment
advertistmentadvertistment