සරසවියට කුඩු එනවද? ජනපති අණින් විමර්ශන

110

විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්‍ෂක අංශවලට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිiාල පද්ධතිය සම්බන්ධයෙන් පැවැති කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. විශ්වවිiාල පද්ධතිය රැකගත හැක්කේ විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව ද ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළැඹිය යුතු අතර, එවිට බියෙන් සැකෙන් තොරව විශ්වවිiාල තුළ අධ්‍යාපනය හැදෑරීමට ඉඩ ලැබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment