සරසවි ගැටලුවලට විසඳුම් නැතොත් රට පුරා විරෝධතා

118

සමස්ත විශ්වවිද්‍යාල සිසුන් දැඩි අපහසුතාවයට පත් කරමින් ආණ්ඩුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම වළපල්ලට ඇද දමා ඇති බවත් මේ නිසා ඉදිරියේ දී සමස්ත විශ්වවිද්‍යාල සිසුන් ඒකරාශී කරගෙන සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක කරන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු ගැන ආණ්ඩුවට හා අධ්‍යාපන අමාත්‍යාංශයට අවස්ථා ගණනාවක දීම දැනුවත් කර ඇතත් එම බලධාරීන් ඒ ගැන කිසිදු අවධානයක් යොමු නො කරන බවද ඔහු කියා සිටියේ ය.

මෙහි දී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ මෙසේ ද කීය.

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර මාස ගාණකින් ගෙවලා නැහැ. මේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන්න කියලා වසර ගාණක ඉඳලයි කියන්නේ. නමුත් අවධානය නැහැ. විශ්වවිද්‍යාල සිසුන් රැසකට ම නේවාසික පහසුකම් නැහැ. අද කෑම මිල වැඩියි. බෝඩිං ගාස්තු වැඩියි. ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන්ට පහසුකම් සලසන්න රජය මැදිහත් වෙලා නැහැ.

අද විශ්වවිද්‍යාල සිසුන්ට ක්‍රීඩා පහසුකම් නැහැ. දේශන ශාලා පහසුකම් නැහැ. අධ්‍යාපන උපකරණ පහසුකම් නැහැ. ආණ්ඩුව විශ්වවිද්‍යාල පද්ධතිය ම වළපල්ලට යවලයි තියෙන්නේ. මේ නිසා අපි ඉදිරියේ දී දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක කරනවා. මේ ගැටලුවලට විසඳුම් ඉල්ලලා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment