සරසවි වරම් අහිමි වූ සිසුන්ට යළි උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ඉඩ

191



 සා. පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණ දෙසැ. 1 දා සිට

චමින්ද සිල්වා

විශ්වවිiාල ප‍්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව විශ්වවිiාල ප‍්‍රවේශය අහිමි වූ සිසුන් සඳහා නැවැත අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ* විභාගයට අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අවස්ථාව ලබා දී ඇත.

මෙම අවස්ථාව නොවැම්බර් 10 දා සිට නොවැම්බර් 20 දක්වා ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

ඒ අනුව මාර්ගගත (Online) ක‍්‍රමයට ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය doenets.lk හෝ ජංගම දුරකතන යෙදවුම (Mobile App DOE). වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදි මාර්ග ගත (ධබකසබැ* ක‍්‍රමවේදය ඔස්සේ අයදුම්පත‍්‍ර යොමුකළ යුතු වේ.

උ. පෙළ විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම (User names) හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වේ. ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී එය ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්‍ෂිතව තබාගත යුතුය.

තවද 2020 අ. පො. ස. (සා. පෙළ) විභාගයේ සෞන්දර්යය විෂයන් වලට අදාළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ 2021 දෙසැම්බර් 01 සිට දෙසැම්බර් 11 දින දක්වා පැවැත්වීමට නියමිතය.
 

advertistmentadvertistment
advertistmentadvertistment