සරසවි වරම් අහිමි වූ සිසුන්ට යළි උ.පෙළ ලියන්න අවස්ථාව

213

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත්කිරීමෙන් පසු විශ්වවිද්‍යාල වරම් නොලැබූ සිසුන්ට නැවත උසස් පෙළ විභාගයට 2021 පෙනීසිටීමට අයදුම්කිරීමේ අවස්ථාවක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව අදහස් කර ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡුා කර අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවැසීය.

2020 උසස් පෙළ සඳහා සිසුන් 309,491 ක් පෙනී සිටි අතර ඉන් සිසුන් 194,319 ක් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබිණි. ඉන් සිසුන් 102,715 ක් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අයදුම් කළ අතර එයින් සිසුන් 41,510 ක් විශ්වවිද්‍යාල සඳහා තෝරාගෙන තිබේ.

2020 උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත්කිරීමෙන් පසු විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු වලට අනුව සිසුන් 41,510 ක් තෝරාගෙන සිටිය ද එම විභාගයේ (2020) විෂයන් නැවත අයදුම්කිරීම් 48,000 ක් පමණ පවතින බවත් එම සිසුන්ගේ නැවත සමීක්‍ෂණ ප‍්‍රතිඵල මේ මාසයේ (නොවැම්බර්) ලබාදීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

නැවත සමීක්‍ෂණ ප‍්‍රතිඵල නිකුත්කිරීමෙන් පසු විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය අවම කඩඉම් ලකුණු සම්පූර්ණ කර සිටින සිසුන් ද විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති සම්පත් අමරතුංග මහතා පැවැසීය.

2021 උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට පාසල් මට්ටමින් සහ පෞද්ගලික මට්ටමින් අයදුම්පත් කැඳවා තිබෙන අතර තවත් පාසල් 20 කින් පමණ අයදුම්පත් ලැබීමට නියමිතය.

2020 වර්ෂයේ සිසුන් විශ්වවිද්‍යාලවලට අයදුම්කර සිටින අතර ඔවුන් අතරින් විශ්වවිද්‍යාල වරම් අහිමිවී නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සිසුන්ට නැවත අයදුම්කිරීමේ අවස්ථාව ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡුා කරන බව ද සනත් පූජිත මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment