සරසවි ශිෂ්‍ය සංගම්වලට එරෙහිව පොලිසිය ඉල්ලූ වාරණ නියෝග ප්‍රතික්‍ෂේප කරයි

139

පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු දඹරැල්ලේ අස්ථදස්සි හිමිපාණන් ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන්ට හා සාමාජිකයන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පිවිසෙන මාර්ග කිහිපයකට ඇතුළුවීම හා එම මාර්ගවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය හා කොටුව පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15දා) ප්‍රතික්‍ෂේප කළේය.

එම පෙළපාලිකරුවන් එම ප්‍රදේශවලට ඇතුල් වී කළහකාරී ලෙස හැසිරී පොලිසිය මහජන උද්ඝෝෂණ හා පෙළපාලිවලට බාධා කරන බවට ප්‍රචාර ගෙන යෑමට සූදානමක් පවතින බැවින් හා ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතයට බාධාවක් වන බව පෙන්වා දෙමින් පොලිසිය එම ඉල්ලීම කළේය. මහජනතාවට පීඩාවක් වන පරිදි කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් ඒවා වැළැක්වීමට පොලිස් ආඥා පනත හා රටේ පවතින සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ හැකියාව තිබියදී සැමවිටම ඒ සඳහා අධිකරණය ගාවා ගැනීමට උත්සාහ නොකරන ලෙසට ද පොලිසියට අවවාද කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment