සරසවි සඳැස 07

360

● සක්වා විරිත

මත් හතරකින් පසු ව යෙදුණු ගුරු අකුරක් සහ ලුහු අකුරක් ද තබා පියෙහි මැද යතිය තැබිය යුතුය- නැවැත මත් තුනකින් පසු ව ගුරු අකුරක් ද පියෙහි අග ලුහු අකුරක් ද තැබිය යුතුය.

සක්වා විරිත චක්‍රවාක විරිත ලෙස ද හැඳින් වේ- මේ විරිතෙහි ගුරු අකුරකින් පසු ව යෙදෙන ලුහු අකුරක් හේතුවෙන් සැහැල්ලු රිද්මයක් මතු වේ- මුදු අදහස් හඬ ලකරින් එළි කොට පැවැසීමට ඉවහල් වන විරිතක.

● තරඟවැල විරිත

‘බ’ ගණ තුනකින් සහ ගුරු දෙකකින් පැබැඳීම තරඟවැල විරිතෙහි ලකුණ ය.

මුලට ගුරු අකුරක් තබා තවත් ලුහු දෙකක් අගට එක් කළ විට ‘බ’ ගණය ය. ඒ අනුව ‘බ’ ගණය සරසවි සඳැස – 4 වන ලිපියෙහි කනීල් විරිත ගැන කරුණු පෙන්වා දෙන විට ද සඳහන් කළ බැවින් වැඩි යමක් සඳහන් නො කරම. තරඟවැල විරිතෙහි මත් යෙදෙන අයුරු නිදසුන් පැදියක් ඇසුරින් විමසමු.

දිව් සක රත් මස ඉස් සුත දුන්නේ
සත් වග මොක් සුව අත් කර දුන්නේ
මින් දද මන් දළ දප් සහ බුන්නේ
දැන් එන සත් සර සෙත් සත දුන්නේ

සරසවි සඳැස 07

දිව් – ජීවිතය මස – මස්
සක – ඇස් ඉස් – හිස
රත් – ලේ සුත – දරු

ඉහත පැදිය ‘බ’ ගණ තුනකින් සහ ගුරු දෙකකින් යුතු තරඟවැල විරිතින් පබැඳි කවියක. තරඟවැල විරිතෙහි ද මත් 16ක් තිබේ-

● තෝටක විරිත

තෝටක විරිත ‘ස’ ගණ හතරකින් යුතුය- මුලට ලුහු අකුරු දෙකක් සහ අගට ගුරු අකුරක් තැබීම ‘ස’ ගණය ය. එක් ගණයකින් මුළු කවිය ම පබැඳීම නිසා කිහිප පළක ම එළිවැට පිහිටීම මෙම විරිතෙහි දැකිය හැකි වෙසෙස් ලකුණක. හඬ ලකරින් අනූන මේ විරිත වදන් සවියැති කිවියනට භාවිතය පහසු ය,

සදවා අමයා සමයා වනනා
අනෙයා විනෙයා දනනා වනනා
අසුරා අමරා උරනා වනනා
නමවා මුනිනා උරනා වනනා

සරසවි සඳැස 07

මේ අනුව තෝටක විරිත මත් 16කින් යුතුය.

● දෙව් ගී ගාහ විරිත

‘ස’ ගණයක් හා නැවැත මත් හතරකින් ද පසු විරාමය ද තබා ඉන් පසු ‘න’ ගණ සහ ‘ය’ ගණ තබා පබඳින මේ විරිතෙහි මත් දහසයක් දැකිය හැකිය-

සරසවි සඳැස 07

ලියකේලි විරිත

න, න, බ, න ලුහු ගුරු තබා මත් අටෙන් අට යතිය තබා පබඳින විරිත ලියකේලි විරිත නමින් හැඳින් වේ-

මුවරඳිනුදු ලා, මල වල වර ලා
කනතෙහි සසලා, සහ බිඟු උපුලා
සහ දන කොහොලා, නව තඹ ළදලා
මඟු ලුයන බලා, වුදු විරු පනලා

ඉහත සටහන අනුව ලියකේලි විරිත මත් 16කින් පබඳින විරිතක් බව දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතම.

● ගණ අට

රුහුණු සේවයේ ගුරු දින රෙදෙවු වැඩ සටහනින් ගණ අට පැහැදිලි කිරීමට දුෂ්කර බැවින් ගණ පිළිබඳ විස්තර මෙහි සටහන් කරම.

ම ්‍ර ්‍ර ්‍ර ජය
න – – – ඔද
බ ්‍ර – – සෙත
ය – ්‍ර ්‍ර ආයු
ජ – ්‍ර – ලෙඩ
ර ්‍ර – ්‍ර දළ සෝ
ස – – ්‍ර මර
ත ්‍ර ්‍ර – වැසන

ම, න, බ, ය යන ගණ හතර සුබ ගණ හැටියටත් ජ, ර, ස, ත යන ගණ හතර අසුබ ගණ හැටියටත් සැලැකේ- කවක් පටන් ගන්නා විට සුබ අකුරකින් සහ සුබ ගණයකින් ඇරැඹුම සිහල කවියන්ගේ සිරිතක. මේ ගණ අට විරිත් කෙටියෙන් දක්වනු පිණිස ඉවහල් වේ- සිදත් සඟරාවේ ගණ අට සඳහන් කරන පැදිය ගණ අටත් ඒ ඒ ගණයන්ට අයත් විපාකත් මෙනෙහි කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

සිය ලු පටනැ මැදැ අවසනැ වත ගලන
එ මනබය ජරසත නමින’ට ගණ වන
දියොද සෙතා ලෙඩ දළ සෝ මර වැසන
පටනබිදන් පසැ සිටුවා කළ කෙමෙන

කවි සතර ඉගෙන ගන්නා උදවියට විරිත් සතර ඉගැන්වීමට ඉතා සුකර විදි අතීතයේ භාවිත වූ අයුරු මේ කවිවලින් අඳුනා ගත හැකිය- දහ අට මතින් පබඳින විරිත් ගැන ලබන සතියේ කරුණු සටහන් කරම. අද හවස 3-00 සිට 4-00 දක්වා රුහුණු සේවයට සවන් දීමෙන් විරිත් ලකුණු ගැන තව දුරටත් කරුණු දැන ගත හැකිය-

ආචාර්ය විරාජ්
ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි ක- ව.

advertistmentadvertistment
advertistmentadvertistment