සරසවි සඳැස

492

සරසවි සඳැස නැමැති මෙම ලිපි පෙළ ගුරුභවතුනට, පාසල් දරු දැරියනට මෙන් ම සරසවි සිසුනට ද එක සේ වැදගත් වේ- නිසඳැස් සම්ප්‍රදායයට නැඹුරු වීම නිසා විරිත් ගැන අපේ දැනුම පහළ වැටුණි- සඳැස් ලකුණු පෙන්වා දෙන මේ ලිපි පෙළ සා- පෙළ, උසස් පෙළ සහ 6-11 ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරු දැරියනට මෙන් ම සරසවි සිසු සිසුවියනට ද වැඩදායක ය- කවි හදනු පිණිස ගුරු සිසු දෙපිරිසට ම දිරි දීම මෙම ලිපි පෙළෙහි අරමුණ යි-

වැකියක පද යොදන හැටි

● ළඟ බව

වැකියක පද එකිනෙකට ළං කළ යුත්තේ අරුත මතු වන ලෙසිනි- එසේ නො වුව හොත් අරුත වෙනස් වේ-

පාසල් ළමයි යති-

මෙම වැකියෙහි මුල යෙදුණු වදන් දෙකෙහි තැන් වෙනස් කළවිට අරුත බෙහෙවින් වෙනස් වේ-

ළමයි පාසල් යති-

වදන් යෙදුණු තැන් වෙනස් කළවිට අරුත වෙනස් වී ළමයින් යන්නේ පාසලට බව මේ වැකියෙන් කියැවෙන බැවින් අරුතෙහි පැහැදිලි වෙනසක් දැකිය හැකිය- විරිත රකිනු පිණිස කවියාට පද පිළිවෙළ වෙනස් කළ හැකි නමුත් පද යෙදෙන තැන් වෙනස් කළ යුත්තේ අරුතටත් විරිතටත් හානි නොවන ලෙසිනි-

● නොවැඩි බව

කවි හදනවිට විරිත රැකීමට අරුතට අයත් නොවන වැඩි පද යෙදීමට

නො පෙළැඹියැ යුතුය- වැඩි පද යෙදූවිට අරුත අවබෝධ කර ගැනීමට අපහසු ය-

මල්ලී පන්සලට එයට යයි-

මල්ලී පන්සලට යන බව පවසන මේ වැකියේ ‘එයට’ යනුවෙන් යෙදීමෙන් වැඩි බව නැමැති දොස හට ගනී- නොවැඩි බව රැකීම නිසා අරුත වටහා ගැනීමටත් සැකෙවි බව රැකීමටත් පහසු වන අතර වෙනත් පදයක් යෙදීමෙන් කවි හැඟුම් පළ කිරීමට ඇති ඉඩකඩ වැඩි වේ-

මල්ලී පෝයට පන්සල් යයි-

යනුවෙන් යෙදූවිට කිසියම් අරුතක් මතු වේ- ‘එයට’ යන වදනේ මත් තුනකි- ‘පෝයට’ යන වදනේ මත් හතරක් ඇත- කවියකට පද යොදනවිට විරිතට නිසි පමණ මත් පිරැවීමට ඇතැම්හු වැඩි පද යොදති- එහෙත් වැඩි පද යෙදුම දොසකි-

● සුදුසු බව

කවියකට යොදන වදන් අරුතින් ද සුදුසු විය යුතුය- වියරණයට එකඟ විය යුතුය- පද යොදන තැන් මාරුකොට කවි තැනුමෙහි වරදක් නැත- එනමුත් පද සුදුසු ලෙස මාරු කළ යුතුය- එසේ පද සුදුසු ලෙස පද මාරු කිරීමෙහි සවිය නිතර නිතර කවි තනා හුරු වීමෙන් වැඩි වේ-

★ උමතු ගී විරිත 9, 10, 9,10

පළමු පියෙහි සහ තෙවන පියෙහි මත් 9 බැගින් ද දෙවන සහ හතර වන පියෙහි මත් 10 බැගින් ද වන සේ තැබීම උමතු ගී විරිත යි-

★ පියුම් ගී විරිත

පළමු පියෙහි සහ තෙවන පියෙහි මත් 8 බැගින් ද දෙවන පියෙහි මත් 11ක් සහ හතර වන පියෙහි මත් 14ක් වන සේ තැබීම පියුම් ගී විරිත යි-

★ මහ පියුම් ගී විරිත

පළමු පියෙහි සහ තෙවන පියෙහි මත් 9 බැගින් ද දෙවන පියෙහි මත් 11ක් සහ හතර වන පියෙහි මත් 14ක් වන සේ තැබීම මහ පියුම් ගී විරිත යි-

උමතු ගී, පියුම් ගී සහ මහ පියුම් ගී යන විරිත්වලින් කවි පබඳින්න- හැම ගුරු දිනක ම රුහුණු සේවය ඔස්සේ හවස 3-00 සිට 4-00 දක්වා සරසවි සඳෙස වැඩසටහනට සවන් දෙන්න-

● ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී ගා/ අත්‍ථදස්සි ක- වි.

advertistmentadvertistment
advertistmentadvertistment