සරසවි සිසුවා වැඩිහිටිකන්දේදී මියගොස් ඇත්තේ වකුගඩුවට රුධිරය සපයන නහරය පිපිරිමෙන්

885

සබරගමුව විශ්වවිද්‍යාලයිය සිසුවා කතරගම වැඩිහිටිකන්ද උඩම`ඵවේ දී හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇත්තේ ඔහුගේ වම් වකුගඩුවට රුධිරය ගමන් කරන නාලිකාව පුපුරා යෑමෙන් අභ්‍යන්තරයට රුධිර වාහනය වීමෙන් බව තිස්සමහරාම මූලික රෝහලෙහි සහකාර අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදෙන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් කර තිබේ.

මියගිය සිසුවාගේ මළසිරුර පිළිබඳව සහකාර අධිකරණ වෛද්‍යවරයා විසින් තිස්සමහරාම මූලික රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙහි නිගමනය අනුව මෙම වෛද්‍ය වාර්තාව ඔහු විසින් ලබාදී තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර ඉගෙනුම ලැබු අම්බලන්ගොඩ උස්මුදුලාව ලිපිනයෙහි පදිංචිව සිටි අරුමානන්ද සාලිත දිල්ෂාන් කුමාර නමැති විසිඅට හැවිරිදි සිසුවාය.

මියගිය සිසුවා ඇතුළු සිසු සිසුවියන් 19 දෙනකු පසුගිය 25 දා කතරගම පැමිණ වැඩිහිටිකන්ද වැඳපුදා ගැනීම සඳහා ඔවුන් මෙසේ පාගමනින් වැඩිහිටිකන්ද නගිමින් සිටියදී උඩමළුව ආසන්නයේ දී ඔහු අසනීප වී තිබේ. පසුව සෙසු පිරිස සමග ඔහු උඩ මළුවට ගොස් තිබේ. එහිදී ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු උඩමළුවේ සිට කැබ් රථයකින් පහළ මළුවට රැගෙනවිත් තිබේ.

පසුව ඔහු 1990 ගිලන් රථයෙන් කතරගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙහි ඔහු මියගොස් සිටි බව කියති.

මියගිය සිසුවාගේ මළසිරුර පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කතරගම හදිසි මරණ පරීක්‍ෂක සමන් වික‍්‍රමසිංහ විසින් තිස්සමහරාම මූලික රෝහලේදී පවත්වන ලදී. එහිදී මරණ පරීක්ෂකවරයා විසින් එම මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට තිස්සමහරාම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. සී. ඩබ්ලිව්. අජිත් කුමාර මහතා වෙත නියෝගයක් කළේය.

එම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව සිසුවා මියගොස් ඇත්තේ වම් වකුගඩුවට රුධිරය ගමන් කරන නාලිකාව පුපුරායෑම හේතුවෙන් අභ්‍යන්තරයට රුධිර වහනය වීම හේතුවෙනි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment