සරස්වතී මොකටද මට කවි සක්විතිකම නිශාන්තගේ හඬින්…

155

අහස්ගව්ව ජය ගත්තා රහසේ පෑ පෙම

හරස් වුණා ගිනි නිවුණම තල් වැට මායිම

දුරස් වෙන්න බැරි කඳුළැලි පද වැල් වූවම

සරස්වතී මොකටද මට කවි සක්විතිකම

‘ සිරස සුපර්ස්ටාර් සීසන් වන්‘ තරගාවලියේ හත් වැනියා වුණ නිශාන්ත නානායක්කාරගේ අලූත් ම ගීතය ආරම්භ වෙන්නෙ මේ විදියටයි. අනුරාධ හිරිපිටියගේ පද රචනා කළ මෙම ගීතය නිශාන්තගේ ගීත ගොන්නට එකතු කරන්නේ නව මුහුණුවරක්.

යුද සමයේ යාපනයේ තරුණියකට පෙම් බැඳි හමුදා සෙබළෙකුට යුද්ධය නිමා වුණාට පස්සෙ ඇගේ ආදරය අහිමි වෙනවා. ඒ යාපනයේ තරුණියගේ

දෙමාපියන් මේ සම්බන්ධයට විරුද්ධ වෙන නිසා. එවැනි තේමාවක් ඔස්සේ තමා මේ ගීතය ගලාගෙන යන්නේ. ඉතින් අපි මේ ගැන නිශාන්ත

නානායක්කාරගෙන්ම විමසුවා.

”මගේ සංගීත ජීවිතයේ

සංධිස්ථානයක් තමා මේ ගීතය. පද මාලාවට හිත ඇදිලා ගියා. ඒ වගේම දිනූෂ පීරිස් මේකට ලස්සන තනුවක් නිර්මාණය කළා. මායි දිනූෂයි ලක් එෆ්.එම් ගුවන්විදුලියේ එකට වැඩ කරන නිසා හොඳ අවබෝධයෙන් ගීතය නිර්මාණය කරන්න පුළුවන් වුණා. මේ ගීතය රස විඳින්න කියලා මම මගේ

සරස්වතී මොකටද මට කවි සක්විතිකම නිශාන්තගේ හඬින්...

රසිකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මෙය වැළඳගන්නා බව මට විශ්වාසයි. ඒ වගේම මෙහි සම්බන්ධීකරණ කටයුතු කළ හිතාදර මාධ්‍යවේදී නිශාන්ත පේ‍්‍රමරත්නවත් ආදරයෙන් මතක් කරනවා ”

ඒ නිශාන්ත නානායක්කාරගේ හඬ.

ගීතයේ තනුව නිර්මාණය කළ යොවුන් දක්ෂ සංගීතවේදියකු වන දිනූෂ පීරිස් මෙසේ කීවා.

”සෑමදාම ඇහෙන ඒකාකාරී රටාවෙන් මිදී වෙනස්ම ආකෘතියක් යටතේ මේකේ සංගීතය නිර්මාණය කළා. විශේෂයෙන් උතුරේ පරිසරයත් යුදමය පසුබිමත් යුද්ධයෙන් පසු වටපිටාවත් ආදරයේ වියෝවේ වේදනාවත් මගේ මනසින් මවාගෙන තමයි සංගීතය නිර්මාණය කළේ. මෙය ආදරයෙන් රස විඳින්න කියා හැමෝටම ආරාධනා කරනවා.”දිනූෂ කිව්වෙ එහෙමයි.

වෘත්තියෙන් නිවේදකයකු වන නිශාන්ත නානායක්කාරගේ ” සරස්වතී මොකටද මට කවි සක්විතිකම”ගීතය අහලා ඔයාලත් එහි ගුණදොස් විචාරය කරන්න.
 

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment