සර්ප විෂට සිංහල බෙහෙත් ප්‍රවර්ධනය කෙරේ.

1074

සර්ප විෂ ශරීර ගතවූ විට දේශීය විෂ වෙදකමට අනුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු කර ගැනීමට කැලණිය විෂ වෙද රෝහල සහ වෛද්‍ය විද්‍යාලය අවධාය යොමුකර ඇතැයි එහි වෛද්‍ය අධිකාරි හා විදුහල්පතිනී වෛද්‍ය පතිරාජ විනීතා කල්‍යාණි මහත්මිය පැවසුවාය.සර්පයින් ඇතුළු විෂ සතුන් දෂ්ට කිරීමෙන් විෂ ශරීර ගත වන රෝගීන්ට රජයේ රෝහල් මගින් ලබාදෙන ප්‍රති විෂ එන්නත (Antivenom)  මේ වනවිට නොමැති වීමත් සමග මතුව ඇති ගැටලුවට විසඳුම් ලෙස මෙම පියවර ගැනීමට අවධානය යොමු කළ බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

දැනට රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ සර්ප විෂ ශරීර ගතවූවන්ට ලබාදෙන ‘ප්‍රතිවිෂ’ එන්නත මෙරටට ගෙන්වීම අඩපණ වීමත් සමගින් සර්ප විෂ ශරීර ගත වූවන් මහත් අසීරුතාවට පත්ව ඇති අතර, මේ තත්ත්වයන් සමගින් ඔවුන් දේශීය විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳව පවතින විශ්වාසනීයත්වය වර්ධනය වෙමින් පවතින බව ද ඒ මහත්මිය සඳහන් කළාය.මෙය ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමය ප්‍රතිසංවිධානය කිරීමේ මූලික අරමුණින් විශේෂ මහා සභා රැස්වීමක් 2022 ජුනි 26 ඉරු දින පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේ පිහිටි වෛද්‍යාචාර්ය අමරවංශ පතිරාජ අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මෙම මහා රැස්වීමට සහභාගි වන ලෙස සියලුම විෂ වෛද්‍යවරුන්ට ඇරැයුම් කරන බැව් ලේඛකාධිකාරිනිය තවදුරටත් සඳහන් කළාය.වැඩි විස්තර ජංගම දුරකථනය- 0718467481 හෝ 0112917804 අමතා දැනගත හැක.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment