සර්ප ශාප දෝෂය

438

සර්ප යනුවෙන් අදහස් කරන්නේ ලණුවක් හෝ කඹයක් වන අතර, ශාප යනුවෙන් අදහස් කරන්නේ වෙලීම හෙවත් ගිලීමකි. සර්පශාප දෝෂය යනුවෙන් අදහස් වන්නේ ජන්මියා ගලවාගත නොහැකි වන පරිදි කඹයක් වැනි දෙයකින් වෙලා ඇති යන අදහසයි. සර්ප ශාප දෝෂය “නාග දෝෂය” යනුවෙන් ද සඳහන් වේ. මෙම දෝෂයට ලක්වූ තැනැත්තා කිසිම ආකාරයකින් නිදහස භුක්ති නොවිඳින අතර කුමන හෝ ආකාරයකින් තම නිදහස අහිමි කරගන්නා අයෙකි. අන්තවාදී හැසිරීම් ද මෙම පුද්ගලයින්ට ආරෝපණය වේ.

සර්ප ශාප දෝෂය පුද්ගලයකුගේ මරණයෙන් පසුව ද බලපාන බව ඇතැම් ග්‍රන්ථවල සඳහන් වේ. පරාශර ඉසිවරයා මේ බව දක්වා ඇති අතර එයින් පසු බිහි වූ ශ්‍රේෂ්ඨ පඬි වරහමිහිර ආචාර්යතුමා ද ඔහුගේ ග්‍රන්ථ මගින් සර්ප ශාප දෝෂය පිළිබඳව හෙළි කර ඇත. එසේම කල්‍යාණ වර්ණ සහ නන්දි ග්‍රන්ථවල ද මෙම සර්ප ශාප දෝෂය ගැන දක්වා ඇත.

සර්ප ශාප දෝෂ ඇති තැනැත්තාගේ මරණය අනිසි හෝ හදිසි ආදාහනයක් විය හැක. අනතුරකින්, සියදිවි නසා ගැනීමකින්, විෂ ශරීරගත වීමෙන් හෝ ශල්‍යකර්මවලට භාජන වී ශරීරයේ කොටස් අඩුවෙන් ද මරණය සිදුවිය හැකි බව වරහ මිහිර ආචාර්යවරයා දක්වා ඇත.

කාල සර්ප යෝගයට නිශ්චිත කාල සීමාවක් ඇතත් සර්ප ශාප දෝෂයට නිශ්චිත කාල සීමාවක් නොමැත.

මෙම දෝෂය ඇතිවීමට වෛදික ජ්‍යොතිෂයේ විවිධ හේතු දක්වා ඇත.

● මුතුන්මිත්තන් විසින් කරන ලද අනිසි ගුප්ත කටයුතු (අණවින, කොඩිවින, හදි හූනියම් සහ පලිගැනීම්) හා තමන් විසින්ම විසින්ම අන් අයට කරන ලද අනිසි ගුප්ත කටයුතු ද ප්‍රධාන හේතුවක් වේ.

● සර්ප යනුවෙන් උරගයන් සංකේතවත් වන නිසා උරගයන් මරා දැමීම ද ප්‍රධාන හේතුවකි. එමෙන්ම ශුක්‍රාණු සර්පයාට සමාන ලෙස සලකා වෛදික ජ්‍යොතිෂයේදී නූපන් දරුවන් මරා දැමීම ගබ්සාවීමට විස ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ අන් අයට ලබා දී දරුවන් ගබ්සා කිරීමට සැලැස්වීම ද උරගයන් මැරීම හා සමාන බලපෑමක් සිදුකරන බව දක්වා ඇත. මෙම සර්ප ශාප දෝෂ ඇතිවීමට මෙය ප්‍රධාන හේතුවක් වේ.

● සර්පයන් මැරීම, ඔවුන්ගේ බිත්තර විනාශ කිරීම, වාසස්ථාන සමතලා කිරීම, කැලෑ ගිනි තැබීම හෝ අලුත් ශාක සිටුවීම නොසලකා හැරීම වැනි පාපයන් බහුලව කිරීම නිසාත් සර්ප ශාපයට හසුවී මෙම දෝෂය නිර්මාණය වේ.

රාහුගේ පිහිටීම අනුව මෙම දෝෂය ඇතිවේ. එනමුත් කේතු මරණයෙන් පසු ජීවිතය පාලනය කරන නිසා මරණය වූ පසු සිට ඊළඟ ජීවිතය සඳහා ගර්භාෂයට ඇතුළු වන තුරු ඔබ මෙම දෝෂය හඳුනා නොගෙන අඳුරේ කටයුතු කළහොත් මරණයෙන් පසුව ද සර්ප දෝෂයට හසු වන බව පැහැදිලි වේ.

සර්ප ශාප දෝෂය යෙදෙන ආකාරය

  1. පස්වැන්නේ තැන්පත් වී කුජ විසින් රාහු දැකීම.
  2. පස්වැන්න කුජගේ රාශියක් වී එහි රාහු තැන්පත් වීම.
  3. පහ අධිපතියා රාහු සමඟ එහි සිටීම.
  4. රාහු චන්ද්‍ර යෝගය පස්වැන්නේ යෙදීම හා බුධගේ දෘෂ්ටිය ලැබීම.
  5. රාහු කේතු 1-7, 2-8, 5-11 යන භාව වල සිටීම.

සර්ප ශාප දෝෂයේ බලපෑම්

  1. ගබ්සා වීම.
  2. කායික හෝ මානසික ආබාධ සහිත දරුවන් ඉපදීම. ප්‍රසූතියේ ගැටලු ඇතිවීම.
  3. මදසරු බව හෝ බෙලහීනතාවය.
  4. විවාහය ප්‍රමාද වීම හෝ විවාහ වීමට ගත් උත්සාහයන් අසාර්ථක වී තනිකඩ වීම.
  5. බියකරු සිහින පෙනීම, නින්ද නොයෑම බිය ඇතිවීම.
  6. ලිංගාශ්‍රිත රෝග, පිළිකා, වකුගඩු රෝග, අක්මාව හෝ අග්න්‍යාශය රෝග අවදානම.
  1. නිතර ඖෂධ මත ජීවත්වීමට සිදුවීම.
  2. දෙමාපියන්ට විරුද්ධව කැරලි ගැසීම, නිවසින් පලා යෑම හෝ පාරම්පරික දේපල දේපළ විකිණීම.
  3. ලිංගික ගැටලු, අතෘප්තිකර විවාහය, ස්වයංවින්දනයට මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම.
  4. සහෝදරයන් අතර එදිරිවාදිකම් ඇති කිරීම, මව පියා මිය යන තෙක් බලා සිටීම හා නිතර ඔවුන් සමඟ ගැටුම් ඇති කර ගැනීම.
  5. ස්වභාවධර්මයට හානි කිරීම අන් අය පිළිබඳව ඊර්ෂ්‍යාව ඇතිවීම.
  6. නිතර මානසික පීඩනය ඇතිවීම. බුද්ධියේ මන්දගාමී වර්ධනය හෝ තමාගේ අනවබෝධය (විෂ) අන් අයගේ සිත්වලට කාවද්දා අන් අය මානසිකව පෙලීම.

සර්පශාපයට පිළියම් කීපයක් වෛදික ජ්‍යොතිෂය ලබා දී ඇත. ලංකාවේ මේ පිළිබඳව අඩු අවධානයක් යොමුවී ඇති නිසා එම වත්පිළිවෙත් හා විශේෂ ප්‍රතිකර්ම චාරිත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බව දක්නට ලැබේ. එනමුත් මෙම ලිපිය කියවා මේ පිළිබඳව අවබෝධය ලබන අයටත්, මෙම දෝෂය තමන්ගේ පවුලේ අයෙකුට හෝ ඥාතියකුට ඇත්නම් ඉන් මිදීමට කුමක් කළ යුතු ද යන ප්‍රශ්නය ඇති වේ. එයට විසඳුමක් ලෙස ප්‍රතිකර්ම කිහිපයක් ඉදිරිපත් කිරීමට මා අදහස් කළෙමි.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ සුද්‍ර මන්දා සුබ්‍රමනියම් ආන්ද්‍රා ප්‍රදේශයේ මෝපීදේවි සහ ආන්ද්‍රා ප්‍රදේශයේ ශ්‍රී සයිලම් වැනි විහාරස්ථානවල සර්ප ශාප දෝෂය ඉවත් කිරීමට විශේෂ ප්‍රතිකර්ම හා චාරිත්‍ර විධි භාවිතා කරයි. එහි ගොස් එම ප්‍රතිකර්ම සිදු කර ගැනීමට අපොහොසත් ඔබට පහත දක්වා ඇති අයුරින් ක්‍රියා කළ හැක.

● උදෑසන නා පේ වී බෝධි පූජාවක් තබා අවසානයේ පහත ශ්ලෝකය 108 වරක් 1 දින 180ක් ක් මන්ත්‍රය සජ්ඣායනය කරන්න.

“අනතුරු වාසුකී ශේෂාහ:
පද්මනාභාෂ්කා කම්බ්ලාහ:
සන්කපාලෝ
දෘඨරාස් ට්‍රා: තක්ශක
කාලීයස්ටථා
යේටානී නවනාමානි
නාගානාම්කා මහාත්මනාම්
සායම්කාලී පතේථි
නිත්‍යම් ප්‍රතාකාලී විශාභවත්හම්”

● තම වැඩිහිටියන්ට ගරු කරන්න. වන්දනා කර ආශිර්වාද ලබන්න .

● අන්ධ අයට සිල්වත් අයට ධාන්‍ය ආහාර දන්දෙන්න.

● රුක් රෝපණය කරන්න.

● මත්පැන් හා මාංශ භක්ෂණයෙන් වළකින්න.

● ලේ දන් දීම හෝ එවැනි පින්කම් සංවිධානය කරන්න.

● පොදු ළිං තැනීම, මංමාවත් ඇති කිරීම හෝ ඒවා සංවිධානය කර ඇති කරන්න.

ජ්‍යොතිර්විද්‍යා ප්‍රභාශ්වර, ශාස්ත්‍රශූරි,
මනෝවිද්‍යා උපදේශිකා,
නයෝමි පබසරා මැණිකේ
දුරකතන – 0714351382

advertistmentadvertistment
advertistmentadvertistment