සර්වපාක්ෂික සමුළුව අනීතිකයි-ඉමිතියාස්

228

රටේ ආර්ථික අර්බුදය කථා කළ යුතුව ඇත්තේ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවේදී බවත් එසේ නොකොට ජනාධිපතිවරයා නීත්‍යනුකූල නොවන ලෙසට කැඳවූ එම සමුවළුට සමගි ජන බලවේගය සහභාගී නොවුනු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉමිතියාස් බාකීර් මාකර් මහතා අද(24) පැවසීය.
විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍යය හමුවකදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
ජනාධිපති විසින් කැඳවූ ඒ සර්වපාක්ෂික සමුළුව කිසිම නීත්‍යනුකූල පදනමක් නැති සමුළුවක්. කිසිම බැඳීමක් නෑ. නීතිමය තත්ත්වයක් නෑ. පාර්ලිමේන්තුව හෝ අමාත්‍ය මණ්ඩලය වගේ නිසි වැඩ පිලිවෙළක් ඇති දෙයක් නොවෙයි සර්ව පාක්ෂික සුමුලුව. නීත්‍යනුකූල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දුර්වල කරලා තම බලය දැඩි කර ගන්නට කරපු ඇස් බැන්දුමක් ලෙ මම මේ සර්ව පාක්ෂික සමුළුව සලකනවා.

advertistmentadvertistment
advertistmentadvertistment