සර්ව පාක්‍ෂික රජයකට එකඟ වූ වහාම  ඉල්ලා අස්වීමට ඇමැතිවරුන් සූදානම්

209

සර්ව පාක්‍ෂික රජයක් ඇතිකර ගැනීමට එකඟත්වයක් ඇතිවූ වහාම සිය අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වී නව රජයට වගකීම් පැවරීමට ඊයේ (11 දා) රැස්වූ ඇමැතිවරුන් එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය සමඟ ඊයේ (11 දා) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාවට සහභාගි වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාරදීමට තමන් සූදානම් බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment