සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීමට පක්‍ෂ රැසක් ජනපති සමග සාකච්ඡා

145

දෙමළ ජාතික සන්ධානය හා කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂය, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමුවී සර්ව පාක්‍ෂික රජයක් බිහිකිරීමට පෙරේදා (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළේය.

එම්. ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලනාදන්, එස්. රාසමානික්කම් යන මහත්වරු ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටි අතර සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්‍ෂයේ අදහස් ඔව්හු දීර්ඝ ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවීමට පක්‍ෂ රැසක් ජනපති සමග සාකච්ඡා

මේ වනවිට ගැසට් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය පිළිබඳව ද ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂය සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විජය ධරණි ජාතික සභාව ද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළහ. අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සාකච්ඡාවන්ට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment