සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න: ශ‍්‍රීලනිප සහ ජනපති හමුව

282

රටේ වත්මන් අර්බුද විසඳීම සඳහා සියලූ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් මාර්තු මාසයේදීම සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවීමට ශී‍්‍රලනිපය කළ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟත්වය පළ කළ බව ශී‍්‍රලනිප නායක හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08දා) රාති‍්‍ර පැවසීය.

මහජනතාව පත්ව සිටින පීඩාකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ක්‍ෂණික වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළයුතු බවට ද යෝජනා කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව සර්ව පාක්‍ෂික සමුළුවක් මෙන්ම සර්ව ආගමික සමුළුවක්ද, විද්වතුන්ගේ සමුළුවක්ද කැඳවා ඒ අයගේ ද අදහස් යෝජනා ගෙන වත්මන් අර්බුදකාරී තත්ත්වයට මුහුණදිය යුතු බවට යෝජනා කළ බවද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශී‍්‍රලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගලවා ගැනීම සඳහා ශී‍්‍රලනිප ආණ්ඩුවට සහාය ලබාදෙන බවයි.

පටු දේශපාලන අරමුණු හෝ වෙනත් හේතු මත ශී‍්‍රලනිපය කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා හමුවී රටේ පවතින ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාගැනීමට අදාළව කරුණු 15 ක් අඩංගු යෝජනා ඉදිරිපත් කළ බවත් ඒ මහතා කීය. ඒ අනුව රට මේ අර්බුදවලින් ගොඩගැනීම සඳහා ආණ්ඩුවට සහාය දෙන බවද ඒ මහතා කියා සිටියේය.

කිසිසේත්ම මේ මොහොතේදී ආණ්ඩුවෙන් ඉවත් නොවන බවට ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු දහහතර දෙනා ඊයේ (08 වැනිදා) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්ඡුාවේදී පොරොන්දු වූ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට පැවසීය.

රටේ වත්මන් ආර්ථික අර්බුදය විසඳීමේදී ‘සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා සියලූ පක්‍ෂවල අදහස් හා යෝජනා ලබාගැනීම වැදගත් බව ශී‍්‍රලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම කළ යෝජනාවට ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාර දැක්වූ බවද ඒ මහතා කීය.

මෙම සාකච්ඡුාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08 වැනිදා) සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරම්භ වී ඇති අතර එහිදී ශී‍්‍රලනිප මන්තී‍්‍ර කණ්ඩායම කරුණු පහළොවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

මෙම කරුණු දැක්වීමෙන් පසු ජනාධිපතිවරයා එහි ඇතැම් කරුණු වත්මන් ආණ්ඩුව දැනටමත් කි‍්‍රයාත්මක කර හෝ එම කටයුතුවලට ආරම්භයක් ගෙන ඇති බව දැනුම් දී තිබේ.

රට යහපත් තැනකට ගෙන ඒම සඳහා ආණ්ඩුව සෑම පියවරක්ම ගන්නා බවත් ආණ්ඩුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල අදහස් යෝජනා පිළිගෙන සාමූහිකව කටයුතු කිරීමට සෑම විටම කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම වර්තමානයේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත නැඹුරුවීම, වස විසෙන් තොර ආහාර පාන නිෂ්පාදනය සඳහා කාබනික පොහොරවලට යොමුවීම එලෙස සාමූහිකව ගත් සාධනීය පියවර බවද පෙන්වා දී තිබේ.

එනිසා ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව සියලූ දෙනා එකට එක්වී මේ කටයුතු කළයුතු බවද කියා තිබේ.

මෙම සාකච්ඡුාව සඳහා ශී‍්‍රලනිප නායක, හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු දහහතර දෙනාම සහභාගි වී සිටි අතර එහිදී එම මන්තී‍්‍රවරු ඒ ඒ අයගේ අදහස් පළකර ඇත.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් සාමූහික වගකීමට එරෙහිව කටයුතු කිරීම නිසා ඔවුන් ඇමැති ධුරවලින් ඉවත් කිරීමට සිදුවූ බවත් ඉකුත් කාලයේදී එම අමාත්‍යවරුන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකා බොහෝමයකට සංශෝධනය නොකර අනුමැතිය ලබා දුන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රධාන පක්‍ෂයක් වන ශී‍්‍රලනිප මන්තී‍්‍ර කණ්ඩායම සමඟ පැවති සාකච්ඡුාව පැය දෙකක පමණ කාලයක් පැවති අතර එය ඉතා සාර්ථකව නිම වූ බවද සාගර කාරියවසම් මහතා කීය.

ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡුාවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ඇමැති දිනේෂ් ගුණවර්ධන හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් මහතා සහභාගි වී තිබේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි සභාපති හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරු වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අන්ගජන් රාමනාදන්, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සාරතී දුෂ්මන්ත, ශාන් විජයලාල් ද සිල්වා, චාමර සම්පත්, සුරේෂ් රාඝවන් යන දහහතර දෙනාම සහභාගි වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්ඡුාවෙන් පසුව ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු 14 දෙනා වෙනම සාකච්ඡාවකට එක්ව තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment