සර්ව පාක්ෂික සමුළුවේදී බැසිල්ට-කබ්රාල්ට  රනිල්ගෙන් දැඩි පිළිතුරු

409

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23දා) පැවති සර්වපාක්ෂික සමුළුවේදී හිටපු අගමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රකාශයකට දැඩි පිළිතුරක් ලබාදීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග වාදයක් ඇතිවීම ද කැපී පෙනුණි.

සමුළුව ආරම්භයේදී මහ බැංකු අධිපතිවරයා රටේ වත්මන් ආර්ථික ගැටලූ ගැන ප‍්‍රකාශ කිරීමේදී මෙම ගැටලූවලට  පසුගිය රජය වගකිව යුතු යැයි සඳහන් කළේය.

එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ අපි මෙතනට ආවේ රටේ තිබෙන උග‍්‍ර ප‍්‍රශ්නයක් නිසා. පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ කියන ඒවා සම්බන්ධව කතා කරන්න ආවේ නැහැ. මහ බැංකු අධිපතිවරයා පැවසූ පටු දේශපාලනය සඳහා ආවේ නැහැ. මම කනගාටු වෙනවා එතුමා පටන් ගත්තෙම ගිය ආණ්ඩුවේ වැරැුද්දක් කියලා. මම ඒකට පිළිතුරු දුන්නොත් එතකොට මොකක්ද වෙන්නේ? ඊළඟටත් පිළිතුරු දෙනවාද? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝ ලංකාවට ආවේ නැත්නම් මේ ප‍්‍රශ්නය තියෙන්නේ නැහැ කියලයි.

අපිට වෙන ප‍්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිසුන්ට කන්න බොන්න තිබුණා. පෙට‍්‍රල් තිබුණා. අපි මෙතනට ආවේ විපක්ෂයේ කොටසක් ලෙස. අද විපක්ෂයේ තව කොටසක් ඇවිත් නැහැ. මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතැනට ඇවිත් අදහස් ප‍්‍රකාශ කරලා ඒවා ගිහින් කිියලා ඒ අයව සම්බන්ධ කරගන්න. ඒ නිසා අපි දේශපාලනයෙන් තොරව කතා කරමු.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පැවසුවේ ඔබතුමාගේ හිත රිදුණා නම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ ආර්ථික අර්බුදයට අදාළව බලපා ඇති ක‍්‍රමවේදය එනකොට පසුගිය රජයේ අවුරුදු ගණනක් එකතු වන නිසා එසේ කියන්න ඇති. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්න නෙමෙයි යැයි කියාය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ද මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම ගැන පවසන විට රනිල් වික‍්‍රමසිංහ මහතා එම අරමුදල ශී‍්‍ර ලංකාව සම්බන්ධව ලබාදී ඇති වාර්තාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලීය.

බැසිල් -x- තවම අපට එහෙම වාර්තාවක් දීලා නැහැ.

රනිල් x- එහෙනම් අපි එම වාර්තාව දෙන්න කියා

එයාලගෙන් ඉල්ලමු.

බැසිල් -x අපිට ඩ‍්‍රාෆ්ට් එකක් දීලා තියෙනවා.

රනිල් -x ඩ‍්‍රාෆ්ට් එකක් හරි දීලා තියෙනවානේ. එහෙනම් ඔබ පැවසුවේ වාර්තාවක් දීලා නැහැ කියලා?

බැසිල් * ඩ‍්‍රාෆ්ට් එක කියන්නේ අප දුන්න කරුණුවලට අනූව සකස් කළ එකක්. එය අවසන් වාර්තාව නෙමෙයි. ඔබ ඉල්ලන්නේ එම ඩ‍්‍රාෆ්ට් එකද?

රනිල් -* ඉල්ලන්නේ නැහැ. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.

බැසිල් -* ඩ‍්‍රාෆ්ට් එක ඉදිරිපත් කරන්න බැහැ. ඒක තවම අවසන් වාර්තාව නෙමෙයි. ඒක සාකච්ඡුා කරලා අපේ යෝජනා ද සමග අවසන් වාර්තාව ලෙස ඔවුන් සකස්කර දිය යුතුයි. එසේ අවසන් වාර්තාව එවූ පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. මට වඩා ඔබතුමා ඒ ගැන දන්නවා ඇතිනේ.

අනුර බාලසූරිය, එරික් ගාමිණී ජිනපි‍්‍රය
 

advertistmentadvertistment
advertistmentadvertistment