සර්ව පාක්‍ෂික සමුළුව – සජබ යන්නේ නෑ – එජාපය සහභාගී වෙයි

138

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කැඳවා ඇති සර්වපාක්‍ෂික සමුළුව හෙට (23 ද) පෙරවරු 10ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂ සඳහා මේ වනවිටත් ආරාධනා කර තිබේ. එහෙත් සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය ඒ සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව එම පක්‍ෂ පවසයි. එක්සත් ජාතික පක්‍ෂය සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගි වීමට තීරණය කර ඇති අතර එම පක්‍ෂය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට සහභාගී වෙයි.

රට තුළ පවතින විවිධ අර්බුදවලට මුහුණදීමට සහ ඒවාට විසඳුම් වශයෙන් පිළියම් සෙවීම සඳහා මෙම සර්ව පාක්‍ෂික සමුළුව කැඳවා ඇත්තේ පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුවයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment