සර්…. මාරයි කෙල්ල සූරයි…..

792

‘මාරසිංහ සර්ට පිංසිද්ධ වෙන්න තමයි මං මේ පළාතේ දක්‍ෂම කෙටි දුර ධාවන ශූරිය වෙලා ඉන්නේ. ඒක මං ජීවිතේට අමතක කරන්නෙ නැහැ.

මේනකාට මාරසිංහ සර් ගැන තිබුණේ පුදුමාකාර ගෞරවයක්. ඒ වගේම ආදරයක්. ඒ ආදරය ගෞරවය දෙමාපියන්ටත් නොතිබුණු තරම්.

මේනකා අධ්‍යාපනය ලැබුවේ මහනුවරට නුදුරු ප‍්‍රදේශයක පිහිටි බොහොම ප‍්‍රසිද්ධ පාසලක. ඇය පුංචි කාලේ ඉඳලම කී‍්‍රඩා කටයුතුවලට දැක්වූවේ පුදුමාකාර ආශාවක්, උනන්දුවක්. ඒ වගේම කී‍්‍රඩාවට ඇයගේ තිබුණේ සහජ හැකියාවක්. මේ හැකියාව උනන්දුව හඳුනගන්න පාසලේ කී‍්‍රඩා ආචාර්ය මාරසිංහ මේනකාව පුහුණුවීම්වලට සම්බන්ධ කරගත්තා.

ablick1

වසර දෙක තුනක් ගත වෙන්න ඉස්සර මේනකා පාසලේ ජනපි‍්‍රයම තරුව බවට පත්වුණා. කොට්ඨාස තරගවලින් පමණක් නෙවෙයි දිස්ති‍්‍රක් තරගවලින් පවා මේනකා ජයග‍්‍රහණ ලබාගත්තේ පාසලට ඉමහත් ගෞරවයක් අත්කර දෙමිනුයි.

ඒ වෙනකොට මේනකා දාහත්වැනි වියේ පසුවූ නව යොවුන් තරුණියක්. කාලයක් තිස්සේ කී‍්‍රඩා කටයුතු කරපු නිසා ඇයට තිබුණේ මන බඳිනාසුලූ රූපකායක්. මේ රූපකායට මුළු ඉස්කෝලෙම වශීවෙලා හිටියේ.

මාරසිංහ සර් මැදිවියේ පසුවුණු විවාහකයෙක්. කාන්තා පාර්ශ්වය කෙරෙහි ඔහුගේ කොහොමත් පොඩි ලොල් බවක් තිබුණා. මාරසිංහ සර් මේ දුර්වලකම සඟවගන්න බොහෝවිට උත්සාහ කළා.

කරදඬු උස් මහත්වෙලා හැදෙන මේනකා දිහා මාරසිංහ සර් බලාගෙන හිටියේ හරියට මුව පොව්වෙක් ගිලගන්න ඉන්න ව්‍යාග‍්‍රයෙක් විදිහට. අහිංස මේනකා මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. එයා මාරසිංහ සර්ට එකම විදිහට ආදරය කරන්නත් ගෞරව කරන්නත් පටන් ගත්තා.

දවසක් හවස් වරුවේ පුහුණුවීම් අවසන් කරලා මාරසිංහ සර් මේනකා එයාගේ කී‍්‍රඩා කාමරේට කැන්දගෙන ගියා. මාරසිංහ සර් එක්ක මේ විදිහට යන්න මේනකාට කිසිම බයක් සැකයක් තිබුණේ නැහැ.

මේනකා මං කී‍්‍රඩාව ගැන පොත් කීපයක් ලියලා තියෙනවා. ඒ පොත්වලට මං දාන්න හිතාගෙන ඉන්නේ ඔයාගේ ලස්සන පින්තූර ටිකක්. මං ඔයාට එන්න කිව්වේ මට ඔයාගේ ලස්සන පින්තූර ටිකක් ගන්න ඕනේ නිසා.

මාරසිංහ සර් ඇඟට පතට නොදැනෙන්න මේනකාට කිව්වා. මේනකාටත් මේක ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි. සර්ගේ පොත්වල පින්තූරවලට ඉන්න මේනකත් කැමති වුණා.

මාරසිංහ සර්… කැමරාවකුත් අරගෙන මේනකා ඉදිරියට පෙනී සිටියා. මාරසිංහ සර්ගේ පෙනුම වගේම හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙවි තිබෙන බව තේරුම් ගන්න මේනකාට එච්චර අපහසු වුණ් නැහැ.

මේනකා මට ඔයාගේ ඇඟපත පේන්න ෆොටෝ එකක් ගන්න ඕනේ. ඒ නිසා මං කියන විදිහට ඔයා ෆොටෝවලට ඉන්න ඕනේ. එහෙම කියලා මාරසිංහ සර් මේනකාගේ ඇඳුම් පැළඳුම් එහා මෙහා කරලා ඡායාරූප ගන්න උත්සාහ කළා. ඒ අතරේම සර් තමන්ගේ සිරුර අනවශ්‍ය විදිහට ස්පර්ශ කරන බවත් මේනකාට තේරුණා.

ළාබාල වයසේ පසු වුණත් මේනකා බොහොම බුද්ධිමත් කෙල්ලක්. මාරසිංහ සර් වෙනත් සෙල්ලමකට අරඅඳින බව මේනකාට තේරුණා. ඡායාරූපවලට පෙනීසිටින එක පැත්තකට තියලා මේනකා කී‍්‍රඩා කාමරෙන් එළියට පැනලා එක පිම්මේ ගෙදර දිව්වා.

මාරසිංහ සර්ගේ හැසිරීම ගැන වැඩිහිටියන්ට නොකියා ඉන්න මේනකා තීරණය කළා. ඒත් අහිංසක මේනකාගේ පුංචි හිත හොඳටම පෑරිලා. තම දෙමව්පියන්ටත් වඩා ආදරය කරපු ගෞරව කරපු සර් මේ විදිහට තමන් බිලිගන්න උත්සහ කරයි කියලා මේනකා හීනෙකින්වත් හිතුවේ නැහැ.

පහුවදා මේනකා පාසල් ආවේ බොහොම කලකිරුණු ස්වභාවයෙනුයි. එදා දහවල් මාරසිංහ සර් මේනකා කැඳෙව්වා එයාගේ කමරේට. මේනකා සර් හම්බවෙන්න ගියේ බියෙන් ගැහෙමිනුයි. එදා කී‍්‍රඩා කාමරේ හිටියේ වෙනදා ඉන්න මාරසිංහ සර් නෙවෙයි. බොහොම රෞද්‍ර සැර පරුෂ පුද්ගලයෙක්.

මේනකා උඹ මාත් එක්ක සෙල්ලං කරන්න හදන්න එපා. මං කියන දේවල්වලට අකමැති වුණොත් මං උඹව ඉස්කෝලෙනුත් පන්නලා දානවා. අද උඹ ඔය තත්ත්වයේ ඉන්නෙ මං නිසා. ඒ හින්දා මගේ කැමැත්තට ඉඩදීපං.

කාලයක් තිස්සේ මාරසිංහ සර්ගේ හිතේ හැංගිලා හිටිය අමනුෂ්‍යයා එදා එළියට පැන්නා. ඒත් මේනකා සර්ගේ යෝජනාවට එකඟ වුණේ නැහැ.

‘සර් මහ තිරිසනෙක්. මං හිතාගෙන හිටියේ සර් දෙවියෙක් කියලා. මගේ ජීවිතේ බිලිගන්න හදන්න එපා සර්…

මේනකාට කියන්න ලැබුණේ එච්චරයි. මාරසිංහ සර් ඇයගේ කම්මුල හරහා වේගවත් පහරවල් කීපයක් එල්ල කළා.

අන්තිමේදී මේනකාට ඇහැරෙන කොට එයා හිටියේ මහනුවරට නුදුරු ප‍්‍රධාන පෙළේ රෝහලක. ඒ වෙනකොට මාරසිංහ සර් පොලිස් අත්අඩංගුවට පත්වෙලා. මේනකාට අතවර කරන්න උත්සහ කිරීම ඇයට පහරදීම යන චෝදනා මත මාරසිංහ සර් බන්ධනාගාර ගත කරන්නත් පොලිසිය කටයුතු කළා. ගුරු ගෞරවය කෙලෙසපු මාරසිංහ වගේ ගුරුවරුන්ගෙන් දරුවෝ ප‍්‍රවේශම් විය යුතුයි.

රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment