සරා හීන ගොඩක් වෙනස් කළා

1625

දැන් මම ආස ආර්ට් එක කරන්න ඕනෑ


 චරිත තුනක් ගැන සජිත කියන කතාව

 ඔහු ගැන මේ දිනවල නිතර කතාබහ වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නොවේ. පුංචි තිරයේ වෙනස්ම චරිත තුනක් ඔස්සේ අත්වන හැකියාවක් නිසාය. විටෙක රට ම ආදරය කරන සරා ලෙසින් ද තවත් විටෙක ඔහු ගේ ළඟින්ම යන ශානිත ලෙසින් ද ඒ සියල්ල පරයා යසපාල ලෙසින් ද පුංචි තිරයෙන් ඔබට උපරිම රසාස්වාදයක් ලබාදෙන ඔහු සජිත ඇන්තනීය. මේ වෙලාවේ අපි ඔහුට මේ ඉඩකඩ වෙන් කළේ මේ චරිත තුන ගැන කතාබහ නොකරම බැරි නිසාය.


 * මේ දවස්වල සජිත ඇන්තනී කියන නළුවා නැතිනම් සරා විවිධ චරිතවලින් දකින්න ලැබෙනවා. විශේෂයෙන්

 අඳුන්ගිර සහ මෙටේ‍්‍රා් හීන ටෙලිනාට්‍යවලින් කොහොමද මේක දැනෙන්නේ?

 ඔව්… ඇත්තට ම සරා කියන්නේ මම රංගන ජීවිතයේ තියාගෙන හිටපු හීන ගොඩක් වෙනස් වෙච්ච තැනක්. මම පුංචි කාලේ ඉඳලම හීන මැව්වේ ටෙලිනාට්‍ය නළුවෙකුට වඩා චිත‍්‍රපට නළුවෙක් වෙන්න තමයි. එතකොට මම පුංචි කාලේ අබා, සූරිය අරණ, කුරුලූ පිහාටු චිත‍්‍රපට කළාට පස්සේ බොහීමියානුවා ටෙලිනාට්‍යයෙන් මිස එහෙම වෙන ටෙලිනාට්‍යයකින් නොදැක්කෙත් ඒ නිසාම තමය.ි මට ආරාධනා ලැබුණත් මම ආසයි ලොකු තිරයෙන් මාව දකින්න. එහෙම හීනයක් මට තිබුණා. ඇත්තට ම මේ ලොක්ඩවුන් එක කොරෝනා තත්ත්වය නිසා ලංකාවේ සිනමා ශාලා වැහිලා ගිහිල්ලා. මම දායක වුණ සිනමා නිර්මාණ හතරක්ම එන්න තියෙන වකවානුවක තමයි මේ ව්‍යවසනය සිද්ධ වෙන්නේ. ජනතාව අතරට යන්න තියෙන මාධ්‍යයක්නේ් ටෙලිනාට්‍යය. එනකොට තමයි මම ටෙලිනාට්‍යය කරන්නේ නැහැ කියන තීරණය වෙනස් කරන්න හිතුවේ. එතකොට ඒ තීරණය වෙනස් කළේ නාඩගම්කාරයෝ හරහා. ඒකෙන් මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. මට ජනප‍්‍රිය නළුවා කියන සම්මානය ලැබෙනවා. මම කවදාකවත් ඒක මෙච්චර ඉක්මනට බලාපොරොත්තු වුණේ නැහැ. ඒකත් එක්ක තමයි මට අනෙක් ටෙලිනාට්‍ය දෙකටම ආරාධනා ලැබෙන්නේ. මම නාඩගම්කාරයෝ හරහා ටෙලිනාට්‍යය කියන මාධ්‍යයට ආසා කරන්න පටන් ගත්තා.

සරා හීන ගොඩක් වෙනස් කළා



 * සරා සජිතගේ ප‍්‍රතිපත්තිය කැඩුවා?

 ඔව්… ඇත්තට ම සරා ප‍්‍රතිපත්තිය වෙනස් කළා. ඒකට වඩා සජිත ප‍්‍රතිපත්තිය කැඩුවා කිව්වොත් නිවැරදියි.

 * සරාගෙන් මෙටේ‍්‍රා් හීන ශානිකව වෙනස් කරන්නේ කොහොමද?

 ඒක ඇත්තට ම ලොකු අභියෝගයක්. මොකද මේ එකම කාලයේ තමයි අඳුන්ගිර, මෙටේ‍්‍රා් හීන,

 නාඩගම්කාරයෝ, කියන ටෙලිනාට්‍ය තුනේම රූගත කිරීම් සිද්ධ වෙන්නේ. මගේ මේ දවස්වල ජීවිතේ දින දහයක් නාඩගම්කාරයෝ සමග ඉඳලා තව දින දහයක් මෙටේ‍්‍රා් හීන සමග ඉඳලා තව දින දහයක්අ ඳුන්ගිරත් එක්ක හිටියම දින තිහක් ටෙලි නාට්‍යවල ඉඳලා. ඉතිං මාසය ඉවරයි. ගෙදර අයත් එක්ක පවා ඉන්න නැති තරමට කාර්ය බහුල වෙලා තියෙන කාලයක්. මේ චරිත තුන තුනක්. හැබැයි සමාන අවස්ථාවලට මේ චරිත තුන මුහුණ දෙනවා. විශේෂයෙන් මෙටේ‍්‍රා් හීන ශානික නාඩගම්කාරයෝ හි සරයි එක සමාන ලක්‍ෂණවල යන්නේ. රූගත කිරීම්වල සිදු කරන ගායනාවලදී පවා වේරියේෂන් එක පවා හොයන්න සිද්ධ වුණා. ඒක මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි මම හිතනවා මම ඒ අභියෝගයට මුහුණ දුන්නා කියලා. මොකද ශානික ටිකක් පහළ මානසිකත්වයක ඉන්න ලොකු මෙට්‍්‍රා් හීනයක් තියෙන තරුණයෙක්. ශානික සරා නොවෙන්නත් සරා ශානික නොවෙන්නත් මම වැඩ කළා. බලමු ඒක කොතරම් දුරට සාර්ථකද කියලා.

සරා හීන ගොඩක් වෙනස් කළා



 * ශාන්ත දිසානායක ගේ පළමු ටෙලි තිර පිටපත අඳුන්ගිර. මෙහි ඔබත් රංගනයෙන් දායක වෙනවා.

 අපේ රටේ මෑත කාලයේ බොහොමයක් ටෙලිනාට්‍යවල තිරපිටපත් බවට පත්වෙන්නේ නවකතා. ඒ අතර මේකේ විශේෂත්වය වන්නේ ශාන්ත දිසානායකයන් තිරපිටපත් ලෙසම ලියන පළමු පිටපත තමයි අඳුන්ගිර. ඒකත් විශේෂ වුණා. මම ඒ චරිතය තෝරා ගන්න.

 * සරාගෙයි

 අඳුන්ගිර යසපාල ගේ අතරයි ලොකු වෙනසක් තියෙනවාද?

 සරාගෙයි යසපාලගෙයි චරිතාංගවල ලොකු වෙනසක් තියෙනවා. යසපාල විහිදුණු චරිතයක්. එයාට අසාධාරණකම් වෙනකොට ඒවා ඉවසාගෙන දරාගෙන සිටින චරිතයක්. සරා වගේ කේනිතිකාරයෙක් නෙමෙයි. යසපාල වේදනාව ඉවසගෙන යුක්තිය සාධාරණය වෙනුවෙන් කවදා හරි දවසක විප්ලව කරන්න පරිවර්තනය වෙන තරුණයෙක්. ඉතිං එතකොට යසපාලට මම සරාට වඩා සම්පූර්ණයෙන් වෙනස් චරිත ලක්‍ෂණ ගේන්න උත්සාහ කරන්නේ. මම ඇත්තට ම ශානිකවයි සරාගෙනුයි යසපාලව වෙන් කරගන්න ඒ හැටි ලොකු අභියෝගයක් වුණේ නැහැ.

 * අධ්‍යක්‍ෂවරු සජිත අනුත්තර කියන නළුවා ගැන මේ දිනවල මොනවද කියන්නේ?

 මම නිතර කියන දෙයක් තියෙනවා. මට තාත්තලා තුන් දෙනෙක් ඉන්නවා. කලාවේ පියවරු දෙන්නෙකුයි මගේ සැබෑ තාත්තයි. මාව චිත‍්‍රපටයට ඉපැද්දුවේ සෝමරත්න දිසානායකන්. ඒ වගේම ටෙලිනාට්‍යයට මාව ඉපැද්දුවේ ශිවගුරු නාදන් මාමා. බොහිමියානුවා මම රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය. ශිවා මාමා මගෙන් ගන්න පුළුවන් මොනවද කියලා එයා හොඳට ම දන්නවා. සජිත අනුත්තර ගේ (මම* ප‍්‍රැක්ටිස් කරලා තියෙන නැටුම්, ගැයුම්, වැයුම් ඒ නාට්‍යයට හොඳින් උකහා ගන්නේ අන්න ඒ නිසයි.

 සුපුන් රත්නායක එක්ක පළමු වතාවට තමයි මම වැඩ කරන්නේ. එයාගේ අඩෝ කියන ටෙලිනාට්‍යය නරඹලා තියෙනවා. සුපුන් අයියා ගේ ටෙලිනාට්‍ය ජීවිතයේ මම එයා ගේ රසිකයෙක්. එයත් එක්කත් මම මේ වෙනකොට මාසයක විතර කාලයක් වැඩකරලා තියෙනවා. එයා මගෙන් බලාපොරොත්තු වෙන දේ හොඳින් තේරුම් අරගෙන ඒ දේ කරන්න මම උත්සාහ කරනවා.

සරා හීන ගොඩක් වෙනස් කළා



 එතකොට අඳුන්ගිර අධ්‍යක්‍ෂක ඉන්දික අයියාව මට මුලින්ම හම්බ වුණේ මම ර`ග පෑ චිත‍්‍රපටයක සහායක අධ්‍යක්‍ෂවරයෙක් විදිහට. ඒ නිර්මාණය කරන කාලෙම තමයි මල්ලි කවදාහරි දවසක මාත් එක්ක වැඩක් කරන්න ඕනෑ කියලා කිව්වේ. ඒක තමයි අඳුන්ගිර හරහා මල් ඵල ගත්තෙ. මම ඔව්හුත් සමග වැඩ කරනකොට නාඩගම්කාරයෝ විකාශනය වෙලා තිබුණෙත් නැහැ. ඊට කලින් තමයි චිත‍්‍රපටයේ වැඩ කළේ.

 * ඇත්තට ම මේ වෙනකොට ඔබට ටෙලිනාට්‍ය පිටපත් තෝරා ගැනීමත් ලොකු අභියෝගයක් වෙලා නේද?

 ඔව්… දැන් එහෙම එකක් තියෙනවා. හැබැයි මම ඇත්තට ම හිතනවා ඊළ`ග අවුරුද්දේ දී මම ර`ගපාන ටෙලිනාට්‍යය ප‍්‍රමාණය ආයේ පාරක් අඩුවේවි. මොකද අපි හැම වෙලේම හිතන්න ඕනෑ හොඳ පැත්තටනේ. දැන් මම මේ ටෙලිනාට්‍යය පැත්තට අඩියක් තියපු එක මම අර සිනමා නළුවෙක් වෙනවා කියන හීනය මැකුවා නෙමෙයි. මට ඒකට අවශ්‍ය පුහුණුවීම් ලබා ගන්න ගමන් මට පේ‍්‍රක්‍ෂකයෝ මිස්වෙන නිසයි මේ පැත්තට යොමු වුණේ. මම ඊළඟ අවුරුද්දේ සිට ඉතාම අඩුවෙන් තමයි ටෙලිනාට්‍යවලට දායක වෙන්න හිතාගෙන ඉන්නේ.

 අර කිව්වත් වගේ මම මේ අවුරුද්දේ මේ නාට්‍ය තුනෙන් එහාට ආපු නාට්‍ය පිටපත් භාර ගත්තේ නැහැ.

 * නිරෝධායන කොවිඞ් ප‍්‍රශ්න තිබුණට සජිත අනුන්තරට නිර්මාණවලින් අඩුවක් නැහැ?

 ඔව්… ඇත්තම කතාව ඒක තමය.ි නමුත් දැන් මම ආසා ආර්ට් එක කරන්නත් ඕනෑනේ. මම ටෙලිනාට්‍යයවලට ආසා නැහැ නෙමෙයි. මම සාජ්ක‍්‍රියේෂන්ස් කියලා මගේම නිර්මාණ කරන්න ආයතනයේ පිහිටවා ගත්තා. එතකොට ඒකේ මම කළුවර කියලා නිර්මාණයක් කළා. තව නදීමාල් පෙරේරාගේ ආදරියේ කියලා ගීතයක් කළා. නමුත් ඒක මම හැදුවේ කවදා හරි මම ලියලා අධ්‍යක්‍ෂණය කරන ටීවී සීරියස් හා චිත‍්‍රපට හදන්න. නමුත් දැන් මේ ටෙලිනාට්‍ය එක්ක කාර්ය බහුල වුණහම මට ඒ පැත්තට යොමු වෙන්න කාලයක් නැති වෙනවා කියලා දැනුනා.

 * ඇත්තටම සජ් ක‍්‍රියේෂන්ස්වලට මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ?

 වෙලා තියෙන්නේ ඇත්තටම මම මේ ටෙලිනාට්‍ය එක්ක හිරවෙලා නිසා ලැබුණු ව්‍යාපෘති ගණනාවක් හිරවෙලා. ඒකට වෙන් කර ගන්න කාලයක් නැහැ. ඉතිං ඒ නිසාම තමයි මම හිතුවේ මේ ටෙලිනාට්‍යය තුනෙන් පස්සේ ආපසු විරාමයකට යන්න. ඒ කාලේ මම කැමැතියි සජ් ක‍්‍රියේෂන්ස් හරහා මගේම නිර්මාණ කිහිපයක් කරන්න. එක් මගේ හීනයක්.

 * සංගීත කණ්ඩායමක් එක්කත් සම්බන්ධ වුණා නේද?

 ඔව්… මම මිඞ්ලේන් කියන බෑන්ඞ් එකට සම්බන්ධ වුණා. එතකොට මගේ මියුසික් ජීවිතයේ ගොඩාක් වැඩකටයුතු ඒ සංගීත කණ්ඩායම සමග කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං ඒවා කරන්න මට කාලය තමයි ඕනෑ. ලෝකයේ වටිනාම දේ කාලය කියලා කිව්වාට ඒක තේරෙන්නේ දැන් තමයි. මාසේ දිග ප‍්‍රමාණය මදි වගේ එකක් තමයි මට දැනෙන්නේ.

 ⋆ ටෙලිනාට්‍යවලට හිර වුණොත් ඔබ තුළ සැඟවුණු අනෙක් දක්‍ෂතා එළි දක්වන්න කාලය මදිවේවි කියලා හිතනවද?

 ඔව්… මම දැන් පුංචි කාලේ ඉඳලා ප‍්‍රැක්ටිස් කරපු ක්‍ෂේත‍්‍ර කිහිපයක් තියෙනවානේ. එතකොට ඒකෙන් ඒක ක්‍ෂේත‍්‍රයකට විතරක් වැඩ කළොත් මම අනෙක් ක්‍ෂේත‍්‍රවලට කරන අසාධාරණයක් වෙනවා. අපේ් ක්‍ෂේත‍්‍රවලත් මගේ රසිකයෝ ඉන්නවානේ. මගේ අලූත් සිංදුවක් එනකම් බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එතකොට කාලය සීමිතයි. දැන් එතකොට තෝරා ගැනීම තමයි තියෙන්නේ.

 ⋆ මිඞ්ලේන් එක්ක එකතු වෙන්න හිතුවේ ඇයි?

 වික්ටර් රත්නායක අංකල්ගේ ලොකු දුවගේ පුතා විනුන් සහ මම තමයි ඒකේ ෆන්ට් මෑන් සින්ග් කරන්නේ. ඊට අමතරව තව අපේ සාමාජිකයන් හත් දෙනෙක් ඉන්නවා. අපි සංගීත කණ්ඩායම පුහුණුවෙලා මේ වෙනකොට ව්‍යාපෘති කිහිපයක් කරලයි තියෙන්නේ. දෙරණේ සිටි ඔෆ් මියුසික් කියලා මමයි මගේ සංගීත කණ්ඩායමයි කරන වැඩක් එනවා. ඊට අමතරව දැන් ප‍්‍රසංග එහෙම සැලසුම් කරගෙන යනවා.

 ⋆ පසුගිය කාලේ මිඞ්ලේන් එක්ක කියපු කොලවරි ගීතයටත් හොඳ ප‍්‍රතිචාර යූ ටියුබ් හරහා ලැබුණා නේද?

 ඔව්… මම ඒ වැඩසටහනින් තමයි මිඞ්ලේන් එක්ක සම්බන්ධ වුණේ. මිඞ්ලේන් කියන සංගීත කණ්ඩායම හැදෙන්න කලින් ඒ ගොල්ලෝ වෙන නමකින් සංගීත කණ්ඩායමක් හදාගෙන හිටියා. ඒ කාලේ ඒ සංගීත කණ්ඩායමේ ගායනා කරන්න එන්න කියලා මම ආරාධනාවක් ලැබුණා.

 ඒ කියන්නේ මීට අවුරුදු දෙකකට තුනකට කලින්. මට ඒ කාලේ ඒ ආරාධනාව පිළිගන්න කාලය හරස් වුණා. මම ඒ ආරාධනාවට උත්තර දුන්නේ අවුරුදු තුනකට පස්සේ කොලවරි එහෙම වාදනය කරපු වැඩසටහනේදී. මම ඇහැව්වා අර ආරාධනාව තවම තියෙනවා නම් මම එනවා කියලා. එයාල හරි සතුටු වුණා. ආඩම්බර වුණා. මම එහෙම තමයි ආවේ.


 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment