සරුංගල් ප‍්‍රශ්නයට මේවනවිට හතර දෙනෙක් මිය ගිහින්

865

මිනුවන්ගොඩ කොටගෙදර ඝාතනයට සම්බන්ධ පියකු හා පුතුන් දෙදෙනකු සමඟ සැකකරුවෝ පස් දෙනෙක් දැලේ
 
 මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 
 සරුංගල් ප‍්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලෙන් පසු මිනුවන්ගොඩ කොටගෙදර ප‍්‍රදේශයේදී 23 හැවිරිදි එක්දරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පියෙකු පුතුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (22දා* අලූයම අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
 
 එම ඝාතනය සඳහා උපයෝගී කරගත් නවීන පන්නයේ මෝටර් රථයක්, අඟල් 21ක් සහ අඟල් 15ක් තලය දිග මන්නා පිහි දෙකක්, යකඩ පොල්ලක්, සැකකරුවන් හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් සහ ජංගම දුරකථන තුනක් සැකකරුවන්ගේ ප‍්‍රකාශ මත අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය.
 
 මිනුවන්ගොඩ ගමන්ගෙදර ප‍්‍රදේශයේ පදිංචි මරණකරුගේ ඥාතියෙකු වන 49 හැවිරිදි රාලහාමි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සහ එම සැකකරුගේ 24 සහ 22 හැවිරිදි පුතුන් දෙදෙනාත් කලහුගොඩ ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සහ මරණකරුට දුරකතන ඇමතුම් ලබාදී නිවසින් ගෙන්වා ගත් කොටගෙදර ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරුවකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මිනුවන්ගොඩ ගමන්ගෙදර ප‍්‍රදේශයේ පදිංචිව සිටි පිලිප්පැන්නගේලක්ෂිත ලක්මාල් ද සිල්වා හෙවත් සුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එක්දරු පියා යතුරුපැදියකින් 05 වන සැකකරු ගේ නිවස අසලට ගොස් ඔහු සමග කතා කරමින් සිටියදී නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ ඇති සැකකරුවන් එම මෝටර් රථයෙන් යතුරුපැදිය හප්පා යතුරු පැදිය පෙරලීමෙන් අනතුරුව මියගිය අය ජීවිතය බේරා ගැනීම සඳහා දිවයද්දී යකඩ පොල්ලකින් පහරදී මන්නා පිහි වලින් කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පෙම් පටලැවිල්ලක් සහ සරුංගල් ප‍්‍රශ්නයක් මත 2017 වර්ෂයේ සිට ඉකුත් 20වැනිදා දක්වා ඥාතීන් අතර සිව් දෙනෙකු මිය ගොස් ඇති බවද පොලිසිය පවසයි. 2017 වර්ෂයේ අගෝස්තු මස 26 වැනිදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප‍්‍රදේශයේදී කරවල වෙළඳාම් කරන ව්‍යාපාරිකයකු වූ 50 හැවිරිදි පී. ලාල් සිල්වා සහ ඔහුගේ පුතකු වූ 25 හැවිරිදි සුරාජ් ධනංජය පේ‍්‍රමසිරි ද සිල්වා යන පියපුතු දෙපළව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාලහාමි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සහ ඔහුගේ එක් පුතෙක් මීගමුව මහාධිකරණය මගින් නියම කරන ලද ඇප මත සිටින සැකකරුවන් දෙදෙනෙකු බව ද පොලිසිය කීය. අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව
 
 මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මිනුවන්ගොඩ පොලිසිය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment