සරුංගලේ ත්‍රිත්ව ඝාතනයට 5 ක් අත්අඩංගුවට: අඹු සැමි යුවළකුත් ඒ අතර

377

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී පියකු සහ පුත්‍රයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් සහ තවත් සැකකරුවන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මේ වනවිට මෙම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඩුබායිහි සැඟවී සිටින පාතාල නායකයකු විසින් ලබා ගත් මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ත්‍රිත්ව ඝාතනය සිදු වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ඝාතන සිදුකර ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ ක්‍රියාත්මකවන පාතාල කල්ලියකට සම්බන්ධ සාමාජිකයන් විසින් බව ද හෙළිවී ඇත.

ත්‍රිත්ව ඝාතනය සිදු කළ කුලී ඝාතකයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

සරුංගලයක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් නිසා මේ වනවිට දෙපාර්ශ්වයේම පුද්ගලයන් 7 දෙනකු ඝාතකයට ලක්ව ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment