සල්මන්ට පාතාල තර්ජන නිවසට දැඩි රැකවල්

458

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් මරා දමන බවට පාතාල කල්ලි නායකයන් තිදෙනකු කළ තර්ජනය නිසා මුම්බායි පොලිසිය සල්මන්ගේ නිවසට දැඩි රැකවල් යොදා ඇත.

එසේම සල්මන්ට කමාන්ඩෝ භටයන්ගේ රැකවරණ දීමට ද ක්‍රියාකර තිබේ. ඔහුට මරණ තර්ජන එල්ල කළ ලෝරන්ස් බිෂ්නෝයි නමැති පාතාල නායකයා කිගාර් සිරගෙදර සිට පැවසුවේ සල්මන්, බිෂ්නෝයි ගෝත්‍රික ජනතාව දේවත්වයෙන් අදහන මුවන් දෙදෙනකු ඝාතනය කිරීම ගැන ජනතාවගෙන් සමාව නොගත් බවයි.

සල්මන් රාජස්තාන් හි බිෂ්නෝයි දේවොල වෙත

ගොස් එම මුවන් ඝාතනය ගැන සමාව ගත යුතු බව ද අනිවාර්යයෙන්ම සල්මන්ව මරා දමන බවට ද ලෝරන්ස් බිෂ්නෝයි තර්ජනය කර ඇත. මෙම මරණ තර්ජනය නිසා බොලිවුඩ් සිනමා ශිල්පීහු දැඩි කැළඹීමකට පත්වී සිටිති.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment