සල්මන් ඛාන්ටත් මැණිකෙට හිත යයි

666

ප‍්‍රකට බොලිවුඞ් නළු සල්මාන් ඛාන් සිය බිග් බොස් වැඩසටහනට යොහානි ද සිල්වා කැඳවා ‘මැණිකේ මගේ හිතේ’ ගායනා කරවීම සමස්ත ඉන්දියාවේම අවධානය දිනාගත් සිද්ධියක් බවට පත්ව ඇත.

සල්මන් ඛාන්ටත්  මැණිකෙට හිත යයි



මෙහිදී යොහානි සමඟ මේ ප‍්‍රකට නළුවා සිංහල ගීතය ගායනා කිරීමද විශේෂයකි.

මේ ගීතයේ සිහිවේවි වචනය වෙනුවට සල්මන් ඛාන් ශ‍්‍රී දේවි කියන විට පේ‍්‍රක්‍ෂකයෝ මහ හඬින් සිනාසෙන්නට වූහ.

සල්මන් ඛාන්ටත්  මැණිකෙට හිත යයි

කෙසේ නමුත් මේ වීඩියෝ පටය කලර්ස් ටීවී ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ ලක්‍ෂ දෙකකට වඩා පිරිසක් නැරඹීම විශේෂත්වයකි.

බිග්බොස් වැඩසටහන ඉන්දියාවේ ඉතාමත් ජනපි‍්‍රය රියැලිටි වැඩසටහන් වන අතර කෝටි සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂක පිරිසක් එය නරඹති.

සල්මන් ඛාන්ටත්  මැණිකෙට හිත යයි

මෙම වැඩසටහනට සහභාගිවීමට හැකිවන්නේ ඉන්දියාවේ සුපිරි නළු නිළියන්ට හා ජනපි‍්‍රය තාරකාවන්ට පමණි. මේ අවස්ථාව යොහානිට ලැබීම මගින් ඇය ඉන්දීය පේ‍්‍රක්‍ෂකයන් අතර මෙන්ම බොලිවුඩයේද තාරකාවක් වී ඇති බව හොඳින්ම පැහැදිලි වේ.

ගුර්ගන් හා හයිද්‍රාබාද් හි පැවැත්වූ සංගීත සංදර්ශන වලට පසුව යොහානි මුම්බායේදී මෙම වැඩසටහන හා එක්වූවාය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment