සල්මන් ඛාන් මරා ලංකාවට පනින්න සැලසුම් කළ 4ක් අල්ලයි

175

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් ඝාතනය කර ලංකාවට පැන ඒම සඳහා කුමන්ත්‍රණය කළ එරට පාතාල නායක ලෝරන්ස් බිෂ්නෝයි ගේ කල්ලියේ සාමාජිකයන් සිව්දෙනකු මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝරන්ස් බිෂ්නෝයි ගේ කල්ලිය පාකිස්තාන අවි සැපයුම්කරුවකුගෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්‍රයේ පන්වෙල් හිදී සල්මන් ඛාන්ගේ ගොවිපළ අසලදී ඔහුගේ මෝටර් රථයට පහරදීමට කුමන්ත්‍රණය කර ඇත’ පාකිස්තානයෙන් ලබා ගත් ඒ’කේ’ 47 ඇතුළු අවි රැසක් මොවුන් සතුව තිබී ඇත.

සල්මන් ඛාන් ඝාතන කුමන්ත්‍රණය සඳහා පුද්ගලයන් 60 සිට 70 දක්වා පිරිසකගේ සහාය ලබාගෙන තිබේ’ ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමෙන් පසු ප්‍රහාරකයන් තමිල්නාඩුවේ කන්‍යාකුමාරි වෙත ගොස් පසුව බෝට්ටුවක් උපයෝගි කරගෙන මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පළායෑමට නියමිතව සිට ඇත’ මේ ප්‍රහාරකයන්ට කැනඩාවෙන් විශාල මුදලක් ලැබීමට නියමිතව තිබිණි.

සල්මන් ඛාන්ගේ මුම්බායි නිවසකට පසුගිය අප්‍රේල් 14 වැනිදා වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment