සල්ලි නෑ කියලා බෑ – නියමිත පරිදි ඡන්දය තියන්න – පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය එරට රජයට නියෝග කරයි

164

මුදල් නොමැති බව පැවසුවද සැලසුම් කර ඇති පරිදි මහ මැතිවරණය පවත්වන ලෙස පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට රජයට නියෝග කර ඇත.

තුනෙන් දෙකක බෙදුණු තීන්දුවක් එරට අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව දින 90 ක් තුළ පළාත් හතරෙන් දෙකක මැතිවරණය පැවැත්විය යුතු වෙයි.

විධායකය, සිවිල් හා හමුදා බලධාරීන් මැතිවරණය නොපැවැත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවට එරට අගවිනිසුරුවරයා සිය නියෝගය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

පකිස්තානයේ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීම පසුගිය සමයේ දිගින් දිගටම කල්යනු ලැබූයේ ඊට ප්‍රමාණවත් මුදල් නොමැති බවට මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට දැනුම් දීමත් සමගය.

advertistmentadvertistment
advertistmentadvertistment