‘සල්ලි නෑ සර්’ අසා ටිකට් පරීක්‍ෂකවරුන්ගේ හිත උණුවෙලා

821

මෙම ලංගම බසය මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණේ ඊයේ පෙරේදා දිනයකය.

 බසයේ ගමන්ගනිමින් සිටි මගීන් ගණන සීට් ගණනට සීමාවී තිබූ අතර නිට්ටඹුව ප්‍රදේශයට බසය එන විට බසයේ සිටි මගීන් සැලකිය යුතු ප්‍රමාණයක් බැස ගියත් අලුත් මගීන්ගෙන් එය පිරී ගොස් තිබිණි.

 බසය බැලුම්මහර පසුකරනවාත් සමග ‘ටික්කෝ’ හෙවත් ටිකට් පරීක්‍ෂකවරු පස් හය දෙනෙක් බසයට ගොඩවූහ.

 ‘ටිකට් ප්ලීස් ටිකට් අතට ගන්න’ ටිකට් පරීක්‍ෂකවරු මගීන්ගෙන් ඉල්ලීමක් කළහ.

 මගීන්ගේ ටිකට් පරීක්‍ෂාව අතර එක් තරුණ මගියෙක් කලබල වන අයුරු දක්නට ලැබිණි. ඔහු ස්මාට් ජංගම දුරකථනය කනේ ගසාගෙන බර කතාවකය.

 ‘මහත්තයා ටිකට් එක දෙන්න’ ටිකට් පරීක්‍ෂකවරයෙක් ඉල්ලා සිටියේය. අතින් සංඥාවක් කළ ඔහු දිගටම ජංගම දුරකථනයේ දිගු කතාවකි.

 ‘මහත්තයා ටිකට් එක පෙන්නලා ඉන්න’ බසයේ සිටි මගියා ලොකු ගමන් මල්ලද අතට ගෙන වාඩිවී සිටි ආසනයෙන් නැගිට්ටේය.

 ‘සර්… මම රස්සාවක් හොයන්න යන ගමන්. ටිකට් ගන්න සල්ලි නෑ’ ඔහු වෙව්ල වෙව්ලා ඇත්ත කිව්වේ ලජ්ජාව අමතකර දමමිනි.

 ‘කරන්න දෙයක් නෑ දඩ ගහන්න වෙනවා’

 ‘නෑ සර් සත පහක් නෑ. රස්සාවත් නැති වුණා’ තරුණයා දෙස බලා සිටි ටිකට් පරීක්‍ෂකවරු කඩවතදී ඔහු නිදහස් කර හැරියේ මේ දිනවල අප කොයි කාටත් තිබෙන අමාරුකම් තේරුම් ගනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment