සල්ලි පරක්කු නම් ඡන්දය කල්යනවා: මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ

102

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාද වෙන තරමට එම ඡන්දය දිනෙන් දින කල් යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවසුවාය. මේ අනුව මෙම මුද්‍රණ වියදම් අද හෙට ලැබුණොත් මුද්‍රණ කිරීම සඳහා දින 30ක පමණ කාලයක් ගතවෙන බව ද ඇය කීවාය.

උදාවී තිබෙන තත්ත්වය අනුව මෙම මැතිවරණය අප්‍රේල් මාසයේ කෙසේ වෙතත් මැයි මාසය තුළවත් බලාපොරොත්තු විය හැකි බව ද ඇය කීවාය. ලහි ලහියේ මුද්‍රණය කිරීමට අවශ්‍ය වුවහොත් අතිකාල සේවාවන් යොදා හෝ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට උත්සාහ දරන බව ද ඇය පැවසුවාය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment