සලාක ක්‍රම වගේ විසඳුම් මගින් අපේ රටේ ජනතාවට තවත් පීඩනයක් ඇති කරනවා – නිරෝෂන් පෙරේරා

124

මේ රටට ආර්ථිකය ඉස්සරහට යන්නනම් රටේ ජනතාවට ඉන්ධන අත්‍යවශ්‍යයි ඒක විසඳන්නේ නැතිව තෙල් සංස්ථාවේ පාඩුව, දූෂණය නැති කරන්නෙ නැතුව සලාක ක්‍රම වගේ විසඳුම් මගින් අපේ රටේ ජනතාවට තවත් පීඩනයක් ඇති කරනවා.යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවසිය විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේ දීවැඩිදුරටත් දහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය

අද රටේ තත්ත්වය ඉතාම භයානකයි. වත්මන් රජය පම්පෝරි ගහලා බලයට පත් වුණත් අද වෙනකොට මේ රටේ තෙල් පෝලිම් වැඩි වෙලා. මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ෂෙඩ් වලට සුමාන දෙකකින් ඩීසල් ඇවිත් නැහැ. එවැනි තත්ත්වයක දී වර්තමාන විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා මේ රටට සලාක ක්‍රමයට තෙල් ලබා දෙන්න හදනවා. අපි විපක්ෂයක් හැටියට ජනතාවගෙන් අහන්නේ එයකොච්චර දුරට ප්‍රායෝගිකද කියලා . සලාක ක්‍රමයක් මගින් මේ රටේ ආර්ථිකය නැත්තටම නැති කරන්නද යන්නේ කියලා අමාත්‍යවරයාගෙන් අහනවා. මොකද මේ රටට ආර්ථිකය ඉස්සරහට යන්නනම් රටේ ජනතාවට ඉන්ධන අත්‍යවශ්‍යයි ඒක විසඳන්නේ නැතිව තෙල් සංස්ථාවේ පාඩුව, දූෂණය නැති කරන්නෙ නැතුව මේ වගේ විසඳුම් මගින් අපේ රටේ ජනතාවට තවත් පීඩනයක් ඇති කරනවා. තවත් මේ රටේ තෙල් හිගයක් ඇති කරන්න ද දඟලන්නේ. එනිසාම අමාත්‍යවරයාට කියනවා සලාක ක්‍රමය වෙනුවට අපේ රටට අවශ්‍ය තෙල් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කරන්න කියලා .

විශේෂයෙන්ම අපි දකිනවා මේ රටේ විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සේවාය වැනි ආයතන විශාල පාඩු ලබමින් තමයි සිදු වන්නේ. එම පාඩු ලබන ආයතන වලට අවශ්‍ය මුදල් දෙන්නේ මේ රටේ රජය. එහිදී කොහොමද මුදල් දෙන්නේ රජයේ සල්ලි තියෙනවද ?රජය කරන්නේ මුදල් අච්චු ගහලා පාඩු ලබන ආයතන වලට දෙනවා .එහිදී අපේ රුපියල කඩාගෙන වැටෙනවා .ඒකට විසඳුමක් කවුද හරියට මේ රටට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි එක කොනක් අල්ලගෙන ප්‍රවෘත්ති යක පස්සේ දුවනවා හැම මන්ත්‍රීවරයා ඊට පස්සේ ඒ ගැන විතරයි කතා වෙන්නේ නමුත් මේ දශක ගාණක් මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසදෙන්නේ නැහැ .අන්තිමට විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශයට වන්නේ අන්තිමට අපිට තියෙන අලුත් බලාගාරයක් නැතුව යනවා .අපි දැක්කා

පහුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම පාර්ශව ඉල්ලනකොට කමක් නෑ මෙගාවොට් දහයට අඩුව ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව කරන්න කියලා නමුත් ටෙන්ඩර් ක්‍රමය විශාල බලාගාර වලට ක්‍රියාත්මක කරන්න කියන කොටත් ආණ්ඩුව තනි තීරණයක් අරගෙන තමන්ගේ පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා එකේ ක්‍රියාත්මක කරන්න එදා කටයුතු කළා. ඒ වගේම එහෙම කරලා මේ විදුලි බල මණ්ඩලයේ සභාපති ගේ ප්‍රකාශනය

මගින් රටේ ජනතාවට බරපතල ප්‍රකාශනයක් මතයක් ගෙනිච්චා මේ රටේ විදුලි බලාගාර දූෂණ අයුරින් ඩීල් වලින් තමයි ගොඩ නැගෙන්නේ කියලා. දැන් වෙනකොට ඒ බරපතළ ප්‍රශ්නය නිසා අපේ රටට හරි ආයෝජකයෙක් එයිද? එසේ ඇවිත් අපේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට කවුරුත් සැරසෙයි ද කියන බරපතල ප්‍රශ්න තියෙනවා එහෙම ආයෝජකයෝ එන්නේ නෑ කියන්නේ එන ආයෝජක විතරක් මේ රටේ විශාල මුදලට අපිට විදුලිය බලය විකුණන්න කටයුතු කරනවා .ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ මම කියපු ඒ ආයතන වලට ඒ වගේම මේ රටේ දැන් ඉන්නව රාජ්‍ය සේවය මම හිතන්නේ ජනගහනය ගත්තොත් ලෝකයේ වැඩිපුරම රාජ්‍ය සේවකයන් ඉන්න රටක් බවට ඉතිහාසය පුරාම පත්වෙලා තියෙනවා මේ වගේ අපේ රට ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විසඳන්නට කටයුතු කරන්නේ නැත්නම් මේ රටේ නායකයෝ ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැත්නම් ඒ ප්‍රශ්න විසඳන්නට නායකයෝ බය නම් තමන්ගේ ඡන්දය නැති වෙයි කියලා මම හිතන්නේ අපට රටක් විදියට මේ අර්බුදයෙන් ලේසියෙන් ගොඩ එන්න බෑ. මොකද දැන් වෙනකොට අපි දකිනවා ජපානය නිහඬයි. චීනය අපි දැක්කා දැන් වෙනකොට ණය දෙන්න යම් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කරලා. රුසියාවේ ගුවන් යානා සිද්ධිය නිසා දැන් වෙනකොට සංචාරකයෝ සම්බන්ධතාවය කොහේ තියෙනව ද කියල දන්නේ නෑ.
 

advertistmentadvertistment
advertistmentadvertistment