සව්දිය පුරන්න රොනාල්ඩෝ සෞදියට

180

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා සමාජ ක්ෂේත්‍රයේ ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්වෙමින් වසරකට ඩොලර් මිලියන 214ක කොන්ත්‍රාත් ගිවිසුමක් සඳහා සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග එක් වී ඇත.

රොනාල්ඩෝ සහ අල් නසාර් අතර ගිවිසුම වසර දෙකකි.

ඔවුන් එකඟ වූ මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 7811ක් හෙවත් රුපියල් කෝටි 781ක් වේ. රොනාල්ඩෝ අවසන් වරට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඊට පෙර ජුවෙන්ටස් සහ රියල් මැඩි්‍රඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී පෘතුගාලය ඉවතට

ගියද පාපන්දු ලෝක කුසලාන තරගාවලි පහක අඛණ්ඩව ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ද රොනාල්ඩෝ එහිදී වාර්තාවක් පිහිටුවීය.

අන්තර්ජාතික පාපන්දු පිටියේ ගෝල් 118ක් ලබා ගෙන ඇති රොනාල්ඩෝ වැඩිම ගෝල් ලාභීන් අතර පෙරමුණේ පසුවේ.

යුරෝපා පාපන්දු පිටියේ සියලු ජයග්‍රහණ ලබා ගෙන ඇති තමන් එම දක්ෂතා ආසියානු කලාපය තුළ බෙදා ගැනීමට මෙය හොඳම අවස්ථාව වනු ඇති බව අල් නසාර් සමග එක්වෙමින් රොනාල්ඩෝ පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment