‘සසුන් කෙත අස්වද්දමු’ වැඩසටහනින් කළුතර බෝධි පරිශ්‍රයේදී කුලදරුවෝ පැවිදි බිමට

34

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය මඟින් “සසුන් කෙත අස්වද්දමු” යන වැඩසටහන යටතේ සංවිධානය කළ කුලදරුවන් පැවිදි කිරීමේ පූජෝත්සවය ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයේදී ඊයේ (26දා) පැවැත්විණි.

‘සසුන් කෙත අස්වද්දමු’ වැඩසටහනින් කළුතර බෝධි පරිශ්‍රයේදී කුලදරුවෝ පැවිදි බිමට

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩබලන උත්තරීතර මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ පිංකම පැවැති අතර සේයාරුවෙන් දැක්වෙන්නේ කුලදරුවන් පැවිදි කිරීමේ අවස්ථාවයි. චීන තානාපති කාර්යාලය, චීන බෞද්ධ සංගමය එක්ව මේ වැඩසටහනට රුපියල් ලක්ෂ 25ක මූල්‍ය අනුග්‍රහයන් දැක්වූ අතර ඊට අදාළ චෙක්පත චීන තානාපති කී ෂෙන්හොන් මහතා විසින් සසුන් කෙත අස්වද්දමු වැඩසටහනේ ප්‍රධානි බලපිටියේ සිරිසීවලී නාහිමියන් වෙත ප්‍රදානය කළ අයුරු සේයාරුවෙන් දැක්වේ.

ශ්‍රී ලංකා – චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති අජිත් ධර්මවර්ධන, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා යන මහත්වරු ද මීට සහභාගි වූහ.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment