සහතික මිලට වී දීමෙන් වැඩක් නෑ – කෙත්ඇළ දිගේ පඹයින් සිටුවා කවුඩුල්ලේ ගොවීහු නිහඬ උද්ඝෝෂණ

108

ගොවියාගේ වී අස්වැන්නට රුපියල් 60 කට වඩා සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලකරමින් ඊයේ (08 දා) කවුඩුල්ල ප‍්‍රදේශයේ ගොවීහු පිරිසක් පඹයින් යොදා ගනිමින් උද්ඝෝෂණයක නිරත වූහ.

සහතික මිලට වී දීමෙන් වැඩක් නෑ - කෙත්ඇළ දිගේ පඹයින් සිටුවා කවුඩුල්ලේ ගොවීහු නිහඬ උද්ඝෝෂණ

වී මෝල් හිමියන් වී තොග මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ගොවීන්ගේ මෙවර යල කන්නයේ වී අස්වනු අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, රුපියල් 50 ක ආණ්ඩුවේ සහතික මිලට වී අලෙවි කිරීමෙන් ගොවියාට කිසිම ප‍්‍රතිලාභයක් නොලැබෙන බවත් ඔවුහු කියති.

කවුඩුල්ල, සංසුන්ගම යන ගම්මානවල ගොවීන් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ කවුඩුල්ල පාසල හන්දියේ සිට කෙත් ඇළ දිගට පඹයන් සිටුවා විවිධ සටන් පාඨ ප‍්‍රදර්ශනය කර මෙම විරෝධතාව දියත් කළහ.

‘‘ලංකාවට බත් එපා ද, පිටි කෑවට බඩ පිරෙයි ද, රට හැදෙයි ද, අත්‍යවශ්‍ය සේවා නිලධාරි තුමනි ගොවි ගෙදර වී ටිකට අත නොතබනු ආදී විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් පඹයින් ඇළ දිගට සිටුවා තැබූ ගොවීන් පවසන්නේ යළි 2000 වසරේ දී මෙන් ගොවියාගේ වී මිල ඉතාම අඩු මිලකට පහළ දැමුව හොත් යළිත් පොලොන්නරුවේ ගොවියාට වස බීමට සිදුවනු ඇති බවයි.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment