සහන් ආරච්චිගේ දස්කම් මතින් පොකාරා රයිනෝස් අවසන් මහා තරගයට

341

ශ‍්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක සහන් ආරච්චිගේ දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා පොකාරා රයිනෝස් ඡුදනය්ර් ඍයසබදි කණ්ඩායම 2021 එවරස්ට් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවති දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ රයිනෝස් කණ්ඩායමේ ලකුණු 35කට කඩුලූ‍ 3ක් බිඳ වැටී තිබියදි සහන් ආරච්චිගේ පන්දු 44ක දී නොදැවී ලකුණු 53ක් ලබාගෙන දස්කම් දැක්විය. එසේම පන්දු යැවීමේ දී සිය පන්දුවාර 4 තුල ලකුණු 15කට කඩුලූ‍ 2ක් දවා ගනිමින් දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසා ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි විය.

 2021 එවරස්ට් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය චිටවන් ටයිගර්ස් සහ පොකාරා රයිනෝස් කණ්ඩායම් අතර අද  9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment