සහනාධාර නැත්නම් හෙට සිට පෞද්ගලික බස් ගාස්තු වැඩිකරන බව ගැමුණු පවසයි

118


ඩීසල් මිල වැඩිවීමෙන් පෞද්ගලික බස් රථ සඳහා මතුව ඇති අර්බුධයට
ජනාධිපතිවරයා අද මැදිහත්වී විසඳුමක් ලබා නොදුන හොත් හෙට සිට පෞද්ගලික බස් ගාස්තු සියයට 15ත් 20ත් අතර ගණනකින් වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජය රත්න මහතා පවසයි.ඉන්ධන පමණක් නොව අමතර කොටස් මිලද සියයට 300කින් පමණ වැඩිවී ඇති බවත් මේ වන විට ඩීසල් මිල මෙවර රුපියල් 10කින් සහ මීට පෙර රුපියල් 07කින් ලෙස අවස්ථා දෙකකදී රුපියල් 17කින් වැඩිවී වී ඇති බවත් පවසන ඒ මහතා ඒ අනුව ගාස්තු වැඩිවීමකින් තොරව බස් ධාවනය කිරීමට නම් අනිවාර්රයෙන්ම සහනාධාරයක් අවශ්‍ය බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment