සහනාධාර නොව නිසි වේලාවට ඩීසල් දෙන්න – ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ  සංගම් 11 ක් රජයෙන් ඉල්ලයි

108

ඉන්ධන සහනාධාරයක් නොව, නිසි වේලාවට ඩීසල් ලබාදෙන ලෙසත්, එසේ කළ නොහැකි නම් තම සේවාවන්වලින් ඉවත්වීමටත් බහලුම්, ත්‍රිරෝද, සංචාරක, පාසල් වෑන්, බස් රථ, ලොරි රථ ඇතුළු ප්‍රධාන සංගම් 11 ක නියෝජිතයන් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අද (11 දා) පෙරවරු 11.00 ට මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රය එක්ව පවත්වන මාධ්‍ය හමුවකදී රටට හෙළි කරන බව සමාගම් ප්‍රධානියෙක් ‘දිවයින’ ට ඊයේ (12 දා) පැවසීය.

මේ වනවිට නුවර එළවළු කොළඹ ගෙන ඒමට, දරුවන් පාසල්වලට ප්‍රවාහනය කිරීමට, හම්බන්තොට මාළු ටික කොළඹට ගෙන ඒමට, බහලුම් ප්‍රවාහන කටයුතු, බස් රථ ධාවනය ඇතුළු සියලු ප්‍රවාහන ක්‍ෂේත්‍රවලට බලපෑම් එල්ලවී ඇති බවත් එසේ වුවත් ඉන්ධන සහනාධාර වෙනුවට නිසි වේලාවට ඩීසල් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම මාධ්‍ය හමුව පවත්වන බවත් එම නියෝජිතයා පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment