සහන ඉල්ලන්න එපා

664

කොවිඞ් වසංගතයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස මුළු ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබීම දේශීය ආර්ථිකයට ද බරපතළ ලෙස බලපා ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය ට පැවසීය.

 ඒ නිසා මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අසීරු කටයුත්තක් බවත් කළ යුත්තේ සියලූ දෙනා එක්ව දැඩි ආර්ථික කළමනාකරණයක් ඇති කර ගැනීම බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 දේශීය වෙළෙඳපොළෙහි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයෑම නිසා ජනතාව මුහුණදී සිටින දැඩි ආර්ථික අපහසුතා සඳහා ආණ්ඩුව ලබාදෙන සහන මොනවා දැයි ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී මේ බැව් පැවසීය.

 ඉදිරියේදී අපට තවත් අසීරුතාවකට මුහුණ දීමට සිදුවෙයි. ඒ නිසා හැකිතාක් දේශීය නිෂ්පාදන වැඩි කර ගැනීමට යොමු විය යුතුයි. මේක ලෝක විනාශය හා සමාන වසංගතයක්. එය අවබෝධ කරගෙන කටයුතු කිරීම අප සියලූ දෙනාගේම වගකීම යැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment