සහන ඉල්ලා හෙට අනිද්දා විරෝධතා

128

ඉහළ ගොස් තිබෙන බඩු මිල හමුවේ 2016 වසරෙන් පසු සේව්‍ය වැටුප් ඉහළ නොදැමීම නිසා, වහාම ජනතාවට සහන සලසන ලෙසට බලකරමින් හෙට (5 වැනිදා) සහ අනිද්දා (06 වැනිදා) රටපුරා නගරවල සහ වැඩබිම්වල ජාතික විරෝධතා සංවිධානය කර ඇත.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙම විරෝධතා සංවිධානය කරන බව එහි සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

සෑම භාණ්ඩයකම මිල සියයට අසූවකින් ද ඉහළ ගොස් ඇති බැවින්, ඉහළ දමා තිබෙන පොලී අනුපාත නිසා ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බවත් ඒ මහතා කීය.

එසේ තිබිය දී රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුව ජනතා සහන කපා දමා, රාජ්‍ය දේපළ විකුණමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට සැරසුණත්, ජනතාව පෙළගස්වා එය පරාජයට පත්කළ යුතු බව ද ඒ මහතා පැවසීය. එනිසා වහා ජනතාවට සහන සලසන ලෙසට බලකරමින් ලබන 05 සහ 06 දෙදින රටපුරා මෙම ජාතික විරෝධතා දියත් කරන බව ද වසන්ත සමරසිංහ මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment