සහන පැකේජයට දේශපාලන අර්බූදය බාධාවක් – අයි.එම්.එෆ්. කියයි

127

ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජිත සහන පැකේජයන් ගැන සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය බාධාවක් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

මේ තත්ත්වය ඉක්මනින් විසඳාගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පවසයි.

ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ස්ථාන පෙරේදා (09 දා) අත්පත් කරගැනීමෙන් පසු රටේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment