සහරාන්ගේ දුරකථනයේ මදර්බෝඞ් එක ගත්තේ හිටපු සීඅයිඞී නිලධාරියෙක්

950

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ ජංගම දුරකථනවල ප‍්‍රධානතම උපාංගය වූ මදර්බෝඞ් රජයේ අවසරකින් තොරව ඇමෙරිකානු එෆ්.බී.අයි. පොලිසියට සහ ඔස්ටේ‍්‍රලියානු පෙඩරල් පොලිසියට ලබාදී ඇත්තේ හිටපු රහස් පොලිස් නිලධාරියකු බව රජය සොයාගෙන ඇත.

නඩු භාණ්ඩ වූ මෙම මදර්බෝඞ් උපාංග විදේශ පොලිසිවලට ලබාදීමට පෙර ඔහු හිටපු පොලිස්පතිගේ හෝ නීතිපතිගෙන් අවසර ගෙන නැත.

මදර්බෝඞ් අතුරුදන්වීම ගැන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාද කරුණු දක්වා ඇතත් පොලිස් බලධාරීන් මෙතෙක් එම රහස් පොලිස් නිලධාරියාට එරෙහිව නීතිමය පියවරක් ගෙන නැත.

සහරාන්ගේ දුරකථනයේ මදර්බෝඞ් එක  ගත්තේ හිටපු සීඅයිඞී නිලධාරියෙක්

කීර්ති වර්ණකුලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment