සහරාන්ගේ බිරිඳගෙන් සී. අයි.ඩීය පැය 6 ක් ප‍්‍රශ්න කරයි – කුලියාපිටිය උසාවියෙන්  අවසරය ලැබිලා

314

පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු බව කියන මොහොමඞ් සහරාන්ගේ බිරිඳ වන ෆාතිමා කාදර් හාදියා ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 06 තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

සහරාන්ගේ බිරිඳ මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතර එහි සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගෙන් මෙම ප‍්‍රශ්න කිරීම සිදුකර තිබේ.

ෆාතිමා කාදර් හාදියාගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබාගැනීම සඳහා පසුගියදා කුලියාපිටිය අධිකරණයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබා දී තිබිණි.

පාස්කු ප‍්‍රහාරය එල්ල වීමට මාස දෙකකට පෙර සහරාන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබියදීත් එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඊට කටයුතු නොකළ බවට චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සහරාන්ගේ බිරිඳගෙන් මෙම ප‍්‍රශ්න කිරීම් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment