සහරාන්ගේ රියැදුරු ඇතුළු 4 කට මඩකලපුව මහාධිකරණයෙන් ඇප

74

මඩකලපුව වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි සහරාන් හෂීම්ගේ රියැදුරු ඇතුළු සිව්දෙනකු මඩකලපුව මහාධිකරණ විනිසුරු එන්.එම්. අබ්දුල්ලා මහතා විසින් පෙරේදා (26දා) සවස ඇප මත මුදා හැර තිබේ. සැකකරුවන්ට රුපියල් 35,000 සහ රුපියල් ලක්ෂ 10 බැගින් ඇප නියම වූ අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමට ද නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසු ඔවුහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ. මඩකලපුව මහාධිකරණ විනිසුරු එන්.එම්. අබ්දුල්ලා මහතා ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහොමඩ් අමීන් මහතා සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම මත මෙසේ ඔවුන්ට ඇප නියම විය.

ජනවාරි 12 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට ද නියෝග කෙරිණි.

මඩකලපුව- ටී. එල්. ජව්ෆර් කාන්

advertistmentadvertistment
advertistmentadvertistment