සහරාන්ගේ රියැදුරු ඇතුළු පිරිසකට ඇප

133


මඩකලපුව වවුනතිවූ හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි සහරාන් හෂීම්ගේ රියදුරු ඇතුළු 4 දෙනෙකු මඩකලපුව මහාධිකරණ විනිසුරු එන්.එම්.අබ්දුල්ලා මහතා විසින් ඇප මත මුදා හැර ඇත. රුපියල් 35,000 බැගින් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප මත ඊයේ මොවුන් මුදාහැර තිබේ. විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමේ කොන්දේසියක්ද නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment