සහරාන්ගේ සගයකුට අක්කර 35 ක ඉඩමක්…. සී.අයි.ඩී. පරීක්‍ෂණයක් කරන්නැයි ජනපතිට ලිපියක්

279

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ එරාවුර් පත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුන්නක්කුඩා මුහුදු වෙරළට ආසන්නයේ අක්කර 39ක ඉඩමක් සහරාන්ගේ කණ්ඩායමේ ප‍්‍රබලයකුගේ නමින් පැවැතීම සම්බන්ධයෙන් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා ඉල්ලා සිටියි.

අක්කර 39 ක ඉඩම් කැබැල්ල 2019 අපේ‍්‍රල් 16 දින අංක 4551 දරන ඔප්පුවෙන් ලියා ඇති බවත් එය මඩකලපුව ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචිකර ඇති බවත් ඒ මහතා පවසයි. මෙම ඉඩම රුපියල් කෝටි 05කට අදාළ පුද්ගලයා විසින් මිලදී ගෙන ඇති බවත් එම මුදල් ඔහුට ලැබුණේ කෙසේද යන්න සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලෙසත්

ජනාධිපතිවරයාගෙන් විජේසිංහ මහතා ඉල්ලා සිටියි. මෙම පුද්ගලයා ඉඩම මිලදී ගැනීමෙන් පසු සහරාන්ගේ කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබාදීමට කටයුතුකර ඇතැයි දැනගන්නට තිබෙන බවත් ඔහු පවසයි. කාත්තන්කුඩි අලියාර් හන්දියේ සිදුවූ කඩු කැපුම් ගැටුමකදී සහරාන් සමග මෙම පුද්ගලයා ඇතුළු කණ්ඩායමට එරෙහිව කාන්තන්කුඩි පොලිසිය නඩු පවරා ඇත. නමුත් එහිදී ඔහු අත්අඩංගුවට ගෙන නැත. 2019 අපේ‍්‍රල් 21 සිදුවූ පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මොහු අත්අඩංගුවට ගෙන මේ වනතෙක් රැුඳවුම් භාරයේ සිටින බවත් විජේසිංහ මහතා සඳහන් කරයි. මෙම පුද්ගලයා ඇතුළු කණ්ඩායම හිටපු ඇමැතිවරයකු සහ ඔහුගේ සහෝදරයා සමග සමීප සබඳතා පවත්වා ඇති බවත් ඉඩම මිලදී ගැනීම සඳහා ඔවුන්ගෙන් මුදල් ලැබුණා ද යන්න සැකයක් පවතින නිසා නිසි විමර්ශනයක් සිදුකරන ලෙසත් විජේසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment