සහරාන් කල්ලිය අල්ලන්න බුද්ධි වාර්තා 340 ක් දුන්නා

411

හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කියයි

සහරාන් හෂිම් ප‍්‍රමුඛ ආගමික අන්තවාදීන් ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් වියහැකි බැවින් වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන නිසි පියවර ගන්නැයි තමා 2015 වසරේ සිට 2019 වසර දක්වාවූ කාලය තුළදී බුද්ධි වාර්තා 340ක් පමණ ඉදිරිපත් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා හා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටි නමුත් 2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ප‍්‍රහාරය එල්ලවනතුරුම ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නැතැයි හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඊයේ (23දා) ප‍්‍රකාශ කළේය.

සහරාන් කල්ලිය අල්ලන්න බුද්ධි වාර්තා 340 ක් දුන්නා

පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම හා මාවනැල්ල බුද්ධ ප‍්‍රතිමාවලට හානි කිරීම වැනි සිද්ධි සම්බන්ධයෙන් සිය නිලධාරීන් රැුස්කළ බුද්ධි තොරතුරු අනුව සහරාන් හෂිම් ප‍්‍රමුඛ ආගමික අන්තවාදීන්ගේ නම් ගම් හා ඔවුන් පදිංචි ලිපිනයන් සහිතව එකී තොරතුරු ලබාදුන් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේය.

එවකට පැවැති රජයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ ආරක්‍ෂක මණ්ඩල කවුන්සලයේ රැුස්වීම්වලදීද සහරාන් හෂිම් ප‍්‍රමුඛ ආගමික අන්තවාදීන්ගේ ක‍්‍රියාකලාපය පිළිබඳව නිරතුරුවම තමා දැනුවත් කළ බවත් විවිධ අවස්ථාවන්වනලදී පොලිසිය භාර අමාත්‍යවරුන්ටද එකී තර්ජනය පිළිබඳ දැනුවත් කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාවේ සිටි සමහර ආගමික අන්තවාදී අදහස් සහිත ත‍්‍රස්තවාදීන් පවුල් පිටින් සිරියාවට පැනගොස් අයි. එස්. අයි. එස්. සංවිධානය සමග සනම්බන්ධ වී බිහාඞ් සංකල්පය මුල්කරගත් මුස්ලිම් ලෝකයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව කටයුතු කළ බවත් 2019.01.29 වන විට එලෙස අයි. එස්. අයි. එස් සංවිධානය සම`ග සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ ශ‍්‍රී ලාංකිකයන් 124 දෙනකු පිළිබඳව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත් නිලන්ත ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

සහරාන් කල්ලිය අල්ලන්න බුද්ධි වාර්තා 340 ක් දුන්නා

තමා රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුළදී ආරක්‍ෂක ලේකම්වරුන් හයදෙනෙකුට හා පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ බවත් සාක්‍ෂිකරු එහිදී ප‍්‍රකාශ කළේය.

එවැනි බුද්ධි තොරතුරු ලැබී තිබුණේ නම් ඒ අනුව කටයුතු කර එකී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බාධාවක් පැවැතියේ දැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විමසු පැනයට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා තමන් ඇතුළු රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ වගකීම වූයේ ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැුස්කිරීම පමණක් බවත් ක්ෂණිකව ක‍්‍රියාකළ අවස්ථාවලදී ආරක්‍ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා ඇතුළු අදාළ ආරක්‍ෂක අංශ බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වාර්තා කළ බවත් ඔහු සිහිපත් කළේය.

සහරාන් කල්ලිය අල්ලන්න බුද්ධි වාර්තා 340 ක් දුන්නා

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂිම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් විසින් 2019.04.21 වැනිදා එල්ල කළ පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත්වීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා පවරා තිබු නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාග ඊයේ (23දා) නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඞ් ඉර්සදීන් යන විනිසුරු මඩුල්ල හමුවේදී ආරම්භ කෙරිණි.

එම නඩුවල වැඩිදුර සාක්‍ෂි විභාගය අද (24දා) පෙරවරු 9.00 දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නීතිඥ ප‍්‍රියංක ගුණරත්න, දුලාන් මිරිහාන ජයන්ත තිලකරන්න හා නිර්මාල් කොඩිතුවක්කු යන නීතිඥවරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනීසිටි අතර රජයේ අධිනීතිඥ හංස අබේරත්න, සහන්‍යා නාරම්පනාව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිය.

ඒ. ජේ. ඒ. අබේනායක, ඡුායාරූප – සුජතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment